විවේකාගාර ප්‍රශ්ණයක් නිසා මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණය කටයුතු ඇණහිටි… ?

0
74

tmp_28908-IMG-1479128584349-V2000027695(දෙවන සංස්කරණය )මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලේ කටයුතු මේ දිනවල මන්දගාමි අයුරින් හෝ සිදුවෙමින් තිබුණද දැන් එහි තවත් අළුත් ප්‍රශ්ණයක් මතුව ඇතැයි වාර්ථා වේ.
ඒ විකිරණ අංශය මේ තට්ටු ගොඩනැගිල්ලේ පහත මාලයේ තමන්ට වෙන්කරන්නට යෙදුන ඉඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉල්ලා සිටිම මේ තත්වයට හේතුව වි ඇතැයි වාර්ථා වේ.
විවේක කාමර සහිත අංගසම්පූර්ණ විකිරණ අංශයක් සඳහා පළමු මහලේ අඩක්ම වෙන්කර දී තිබියදීත් දිනකට රෝගීන් 1500 කටත් වඩා පැමිණෙන බිම් මහලේ විවේකාගාර සහිත දෙවන විකිරණ අංශයක් ඉල්ලමින් රෝගී සත්කාරය පසෙකලා තම පෞද්ගලික සුඛ විහරණය සොයන පුද්ගලයන් ට එරෙහිව රෝහල් පරිපාලනය නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රැකීම කනගාටුදායකය.
එමෙන්ම බිම්මහලේ විකිරණ අංශයක් පවත්වාගෙන යන්නේ නම් ඒ සදහා පරමාණු බලශක්ති අධිකාරියේ අනුමැතියක්ද ලබාගත යුතුව තිබුණද මෙහිදි එවැන්නක් ලබාගෙන නොමැති බවද වාර්ථා වේ.
කෙසේ වෙතත් දැනට රෝහල තුල ඇති තද බදය නිසා මේ ඉක්මනින් නිමකරගැනිම ට වඩා එහි පහසුකම්  බෙදාගැනිම සදහා මේ ආකාරයෙන් උගත් නිළධාරින් කටයුතු කරන ආකාරය ඉතා පිළිකුල් සහගත බව මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ කාර්ය මණ්ඩල සමාජිකයෙකු පවසා සිටියේය.