විශ්වවිද්‍යාල අකර්මන්‍ය වී දින 34කට පසු ප්‍රථම නිල සාකච්ඡාව අද

0
53

අනධ්‍යයන සේවන වර්ජනයත් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී අද (02)දිනට දින  34ක් සම්පූර්ණ වෙයි. මෙසේ දින 34ක් ගතවූ පසු එම ගැටළුව සම්බන්දයෙන් වන පළමු නිල සාකච්ඡාව උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ පැවැත්වීමට කැදවා ඇති  බව වාර්ථා වෙයි.

දින 34ක් ගත වී ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට හේතු වූ තම ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් කිසිදු සාධනීය විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බව අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවැසීය.  රටේ අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දී වගකිව යුතු පාර්ශ්වයන්  නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් මෙහි ප්‍රතිවිපාක ක්‍ෂණිකව නොපැමිණෙන බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත් කියා සිටියේය.
අද දින උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල සේවක ඉල්ලීම් කෙරෙහි සාධනීය ප්‍රතිචාර දක්වනු නොලැබුවහොත් සිය සංගමවේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකිරීමට සිදුවන බව මල්වත්ත මහතා පවසයි.