විෂය ගැන දන්නා කොරෝනා ඇමතිණියගේ තීන්දු වෙනස් කරන ලොක්කෝ කව්ද .. ?

0
105

කොරෝනා පාලනය කිරිමට අදාල සති අන්ත සංචරණ සිමා පැනවිම සම්බන්ධයෙන් විෂය ගැන දන්නා ඒ පිළිබදව නිසි පරිචයක් ඇති විෂය භාර ඇමතිවරියගේ විසින් ඉදිරිපත් කළ යෝජනාව ඉවත දමා ආරාජික තත්වයක් නිර්මාණය කිරිමට කටයුතු කර ඇත්තේ කව්ද යන්න බරපතල මතුකළයුතුව ඇති ප්‍රශ්ණයකි.
පසුගිය දිනවල මාධ්‍ය කිපයක් විසින්ම ඇමතිවරියගේ මේ අවධානය ගැන මතුකර තිබේ.
වත්මන් රජයේ ලොක්කෙකුගේ හිමිකාරිත්වය යටතේ පවති ලංකා සි නිව්ස් වෙබ් අඩවියද මේ කරුණ මතුකර තිබුණි.
අපට අසන්නට ඇත්තේ ඇමතිණියට ඉහලින් වගකිම් විරහිත ලෙස කටයුතු කරන්නේ හමුදා ලොක්කන්ද යනුවෙනි.
මන්ද මේ රජයේ දැවැන්ත අසාර්ථකත්වය පිටුපස මේ වන විටත් හමුදාවට සම්බන්ධවි සිටි බොහෝ පිරිසක් තනතුරු දරමින් සිටින බැවිනි.

ලංකා සි නිව්ස් ඇමතිණිය විසින් මතුකර ඇති ප්‍රශ්ණය මෙසේ වාර්තා කොට තිබේ

….සති අන්ත නිවාඩු දින කිහිපය තුළ පළාත් අතර සංචාරණය සඳහා සීමා පැනවූයේ නම් ජනතාවගේ අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ගතවූ දින කිහිපයේ ආගමික හා සංචාරක ස්ථාන වල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටිනු දැකිය හැකි බවද ඇය කියා සිටියාය.

තම අභිලාෂය වූයේ ද සති අන්ත කාලයේ දී යම් සංචාරක සීමාවන් පැනවීම වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද ඇමතිනිය පැවසුවාය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ජනතාවට පවතින තත්වයේදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.