විෂ පොල්තෙල් ගැන වගේම මිගමුවේ වංචා දුෂණ ගැනත් පැමිණිලි කරන්න !

0
206

පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත අද(26) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබු බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.

ආප්‍රොටොක්සින් නමැති පිළිකා කාරක අඩංගු එම පොල්තෙල් තොග මෙරටට ගෙන ඒමට අනුබල දුන් පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු සියල්ලන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර දඬුවම් පමුණවන ලෙසත් සිය පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කර ඇති බ මාධ්‍ය වාර්තා දක්වා ඇත

මේ පුවත ගැන ප්‍රතිචාර දක්වමින් මිගමුවේ පුරවැසියන් කිපදෙනෙකු මිපුර අමතා කියා සිටියේ විෂ පොල්තෙල් ගැන වගේම මිගමුවේ දැනට සිදුව ඇති කප්පරක් වංචා දුෂණ ගැනත් ආදාල ආයතන වෙත පැමිණිලි කිරිමට මිගමුව සමගි බලවේගයේ ආසන සංවිධායක දොස්තර කාවින්ද පියවර ගත යුතු බවය

පුරවැසි ඉල්ලිම එසේ වුවද ලංකාවේ දුෂිතම මහනගර සභාව ලෙස හැදින්විය හැකි මිගමු මහනගර සභාවේ කිසිදු වංචාවක් හෝ දූෂණයක් පිළිබදව දොස්තර කාවින්ද ජයවර්ධන කිසිදු මැදිහත්විමක් මේ වනතුරුත් සිදුකර නොමැත.