‘‘වෘත්තීය මාධ්‍යවේදියෙකුට පහරදීම සුළුකොට තැකිය නොහැකියි ” – මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත

0
90

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ ට පසුගිය ජුනි 02 වනදා මීගමුව නගර නගරසභා පරිශ්‍රයේදි පහරදුන් සැකකරුවන් දෙදෙනා අද  (ජුනි 14 ) මීගමුව රක්ෂිත  බන්ධනාගාරයේ සිට  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එන ලදී.
මෙම නඩුව අද  දින ප්‍රධාන මහේස්ත්‍රාත්  රුචිර වැලිවත්ත මහතා  ඉදිරියේ කැදවීමෙන් අනතුරුව පැමිණිල්ලේ නීතිඥ  දන්ත නිරංජන සහ චාමර ජයසිංහ යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට  කරුණු ඉදිරිපත් කළහ. එහිදි ඔවුන් අවධාරණය කර සිටියේ ප්‍රෙඩි ගමගේ මහතාට හිසට එල්ල වු පහර හේතුවෙන් තවදුරටත් අවැසි වෛද්‍ය පරික්ෂණ සදහා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ අංක 11 හේ (ඇස කණ නාසය පිළිබද වාට්ටුව ) නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
ඒ පිළිබමඳව  කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින්  වෘත්තීය මාධ්‍යවේදි්යෙකුට සිදුකළ පහරදීම සුළුකොට තැකිය නොහැකි බවත් එය සමස්ත ප්‍රජාවටම සිදුකළ පහරදීමක් සේ සැලකිය යුතු බවත්  සඳහන් කළ අතර විත්තියේ නීතිඥයින් විසින් අයදුම් කළ ඇප යෝජනාවද ප්‍රතික්ෂේප කරන ලදී.
පහරදුන් අවස්ථාවේදී සැකකරුවන් පැළද සිටි වැහි කබා  ,හෙල්මට්, ජැකට් සහ පොලු රස පරීක්ෂණයට ඉදිරිපත් කිරීම සඳහා  අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම නඩුව නැවත ජුනි මස 21  දක්වා කල්ගිය අතර සැකකරුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අදට යෙදි තිබුන හදුනාගැනිමේ පෙරෙට්ටුව මේ අනුව යළිත් ජුනි 21 වනදා සිදුකිරිමට නියමිතය.
විත්තිය වෙනුුවෙන්  ශාන්ත නිරිඇල්ල , නාලක ප්‍රනාන්දු, රංජන් ජයසිංහ, ප්‍රිමාල් අමරසිංහ ඇතුළු නිතිඥ මහතුන් 10 දෙනෙකු පමණ පෙනිසිටි බව වාර්ථා වේ.