වෙනස්කම් ඉවසන සමාජයක් වෙනුවෙන් ….

0
123

83775725_2938091709567606_3292412656555655168_o

“සමාජීය පරිවර්තනයන් වෙනුවෙන් පෙනී සිටින්න කැපවුණු අය තුළ කලා රසිකයා මිය ගිහින්.” මෙහෙම කිව්වේ නාට්‍යකරුවෙකු වෙන රාජිත දිසානායක. රාජිත මෙහෙම කිව්වේ ටික කලකට ඉහතදි සමබිම සමඟ කරපු සාකච්ඡාවකදී. මේ කියමනට ලොකු බරක් තියෙනවා කියල අපි විශ්වාස කරනවා. සරල අර්ථයෙන් ගත්තොත් සිවිල් සමාජයත් සමාජීය පරිවර්තනයක් වෙනුවෙන් වැඩකරන කොටසක්. කලාකරුවා කරන්නෙත් තමන්ගේ කලා භාවිතවන් තුළ ඒ වැඬේමයි. ඒත් අපි දෙගොල්ලන් අතර සමීපබවක් නැහැ. අපි වෙන වෙනම අපේ ට්‍රැක්වල වැඩ කරමින් ඉන්න අය බවට පත්වෙලා තිබුණා.83775724_2938092619567515_2260746423836344320_o

යම් කාලයක් තිස්සේ සමබිම තුළ මේ සාකච්ඡාව මතුවෙමින් තිබුණා. අපි දෙපිරිස හමුවෙලා එවැනි සාකච්ඡාවක් ඇති කර ගත යුතුයි කියල අපි හිතුවා. මොකද නව දේශපාලන මුහුණුවර තුළ අපිට මුහුණ දෙන්න වෙන අභියයෝග සමානයි. අපිට මුණගැහෙන තත්ත්වයන්වල යම් සාම්‍යත්වයක් තිබිය හැකියි. ඉතින් සමබිම පසුගිය 21 වැනිදාවේ කලා සංස්කෘතික අවකාශයේ ක්‍රියාකාරී පිරිසක් සහ සිවිල් සමාජ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් කළා. අපි කතා කළා “වෙනස්කම් ඉවසන සමාජයක් වෙනුවෙන් සිවිල් සමාජ අවකාශය තුළ කලා සංස්කෘතික භාවිතයන්” කළ හැකිද? ඒ වෙනුවෙන් අපට තිබෙන අවස්ථා මොනවද කියල.

එතැන හිටපු අපි හැමෝම අපේ භාවිතයන් ඇතුළේ යම් හෝ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සෑහෙන්න කලක් මහන්සි වෙලා තිබුණා. තමන්ගේ කලා ප්‍රකාශනයන්, පත්තර, සංවිධාන, කලා කව එකී මෙකී නොකී සියල්ල ඒ වෙනුවෙන් යොදවල තිබුණා. ඒත් අවසන් ප්‍රතිඵලයෙදි අපි ෆේල් කියන අදහස ඇතමෙක්ට තිබුණා වුනත් වැදගත්ම දේ තමයි අවසානේ අපි හැමෝම හිතුවා තවමත් අපිට අහුනොවුන තව මොකක් හෝ පුංචි දෙයක් තියෙනවා අපි ඒක හොයගන්න ඕන කියල. ඒ නිසා අපි කාටවත් වැඬේ අත්හරින්න බැහැ කියල.

ඒ පුංචි දේ හොයන්නෙ, අපි තනි තනිව අපේ භාචිතයන් තුළ වෙන්න පුලුවන්. සාමූහිකව වෙන්න පුලුවන්. ඒත් ඒ සාකච්ඡාව අවසානේ එක දෙයක් පැහැදිලියි, සමබිමක් වෙනුවෙන් වන අපි සියල්ලන්ගේ සටනේ කොතැනකදි හරි අපිට අපි නැවත මුණගැහෙයි, එවැනි තැනකදි වඩා හයියෙන් ඉදිරියට යන්න අපිට එක්ව අත් අල්ලගන්න බාධාවක් නැහැ.