වෙන්නප්පුවේදී අපචාර චෝදලා ලත් විදුහල්පති ගම කයි

0
297

වෙන්නප්පුව ශා. මටින්ද ෆෝරස් විදුහලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව අපචාර චෝදනාවක් එල්ලවීම මත මෙම විදුහල්පතිවරයාගේ වැඩ තහනමට ලක්වූයේ දැනට මාසයකට පමණ පෙරය.   ශා.මාටින්ද ෆෝරස් විදුහලේ දෙමව්පියන් පිරිසක් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව  ලිඛිත පැමිණිල්ලක් වෙන්නප්පුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලට හා වෙන්නප්පුව පොලීසිය වෙත බාරදී දෙන ලදී.
මෙම පැමිනිල්ලේ සඳහන් වී තිබුණේ  එම විදුහල්පතිවරයා විසින් පාසලේ දැරිවියක් අයුතු ලෙස අපචාරයට ලක්කොට ඇති බවයි. ඒ  අතර, මෙම සිද්ධිය  දුටු සිසුවියන් දෙදෙනෙකු 203  අෙගා්ස්තු 31 වනදාවෙන්නප්පුව පොලීසියට කටඋත්තර   දුන් අතර ඉන් පසුව මෙම විදුහල්පතිවරයාට එරෙහිව වෙන්නප්පුව පොලීසිය විසින් නඩු පවරන ලදී. මේ කාලය තුළ දී ශෘන්ත කුමාර නම් විදුහල්පතිවරයාගේ වැඩ තහනමට ලක්වූ අතර  විුදුහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය.
මේ වන විට නැවතත් මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත් ප්‍රවෘත්තිය වන්නේ  මෙම විදුහල්පතිවරයාට   එරෙහිව පවරා තිබූ චෝදනාවෙන් නිදහස් වීම වෙනුවෙන්  චෝදනා එල්ල කළ  දෙමාපියන් නැවතත් දිවුරුම් පෙත්සමක් මගින් චෝදනා ඉවත්කොට ගෙන ඇති බවයි.
මේ පසුබිම යටතේ මෙම විදුහල්පතිවරයා විසින් නැවතත් මෙම විදුහලට විදුහල්පති ලෙස සේවයට පැමිණෙන්නට උත්සාහා දරමින් සිටින බව ද දෙමාපියන් පවසති.  එසේම මේ වන විට  මෙම විදුහලේ විදුහල්පති තනතුරට පත්වීමට  සිටින විදුහල්පතිවරියකට මෙම ශාන්ත කුමාර නැමැත්තා විසින් දුරකථනයෙන්  තර්ජන එල්ල කර ඇත.  කිසිදු ආචාර ධාර්මික පදනමකින් තොරව අද දින ද මෙම ශාන්ත කුමාර නමැති පුද්ගලයා විදුහලට පැමිණ බව ද වාර්තා වන අතර මොහුගේ ආධාරකුවෙකු විසින්  පාසලේ යහපත වෙනුවෙන් වැඩකරන දෙමාපියන් හට විවිධ තර්ජන ද කරමින් සිටියි.  එමෙන්ම පාසලේ දෙමාපියන් අතර ද මේ සම්බන්ධයෙන් මත දෙකක් ඇති අතර ඔවුන්ව ද භේද ඇති කිරීමට මෙම හිටපු විදුහල්පතිවරයා සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින්  මේ දිනවල  කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
පාසලේ  ශිෂ්‍යාවක් අපචාරයට ලක්කිරීමේ චෝදනාව එල්ලවූ මෙම පුද්ගලයාගේ හැසිරීම පාසලේ කීර්තිනාමයට තවත් කැලලක් වන අතර මෙවැනි පුද්ගලයන්  අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයක තවදුරටත්  රඳවා තබා තිබීම සිසු දරුවන්ගේ  ආරක්ෂාවට ද  තර්ජනයකි.
ශ්‍රී ලංකාවේ අධ්‍යෘපන ක්ෂේත්‍රය ද ලිංගික අපචාර බහුලව  සිදුවන  ක්ෂේත්‍රයකි. ඒ සඳහා ඉවහල් වන රුකුල් දෙන නීති අවලංගු කර මෙවැනි අපක්‍රියා වලින් සිසු දරු දැරියන් බේරා ගැනීමට නව නිති ගෙන ආ යුතු අතර  දෙමාපියන්ට ද  මෙවැනි අපචාර පිළිබඳව පැමිණිලි කරන දෙමාපියන් ආරක්ෂා කිරීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

අදාළ ප්‍රවෘත්ති
2013/සැප්/02

ශා.මාටින් ද ෆෝරස් විදුහලේ විදුහල්පතිට අපචාර චෝදනා

වෙන්නප්පුව ප්‍රදේශයේ   පාසලක් වන  ශා.මාටින්ද ෆෝරස් විදුහලේ දෙමව්පියන් පිරිසක් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව  ලිඛිත පැමිණිල්ලක් වෙන්නප්පුව කොට්ඨාශ අධයාපන කාර්යාලට හා වෙන්නප්පුව පොලීසිය වෙත බාරදී තිබේ. මෙම පැමිනිල්ලේ සඳහන් පරිදි එම විදුහල්පතිවරයා විසින් පාසලේ දැරිවියක් අයුතු ලෙස අපචාරයට ලක්කොට ඇති බව සදහන් කර ඇති අතර, මෙම සිද්ධිය  දුටු සිසුවියන් දෙදෙනෙකු  අෙගා්ස්තු 31 වනදාවෙන්නප්පුව පොලීසියට කටඋත්තර  දී ඇති බව වාර්තා වේ.  මෙම වාර්තා කිරීම් වලින් පසු එම විදුහල්පතිවරයා පාසලට පැමිණ නැති අතර තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්්තා වේ. මෙම සිදුවීම් පොලීසියට නොයෑම සදහා පසුගිය කාලයේ මෙම විදුහල්පතිවරයා පාසලේ ළමුන්ගේ දෙමාපියන්ට විවිධාකාරයේ තර්ජන ද සිදුකර ඇති බව වාර්තා වේ. මෙම විදුහල්පතිවරයා මෙම පාසලට පැමිණිමට පෙර සේවය කළ පාසල් දෙකකදීම මෙවැනි සිදුවීම් සිදුවී ඇති බවට දෙමාපියන් වාර්තා කරන අතර,රු මාරුවීම් හැරෙන්නට  ඔහුට නිසි දඩුවම් ලැබී නොලැබීම් මෙවැනි ක්‍රියා දිගටම සිදුවීමට හේතුවක් බව ඔවුන් පෙන්වා දෙති.a-letter1