වෙන්නප්පුවේ කිතුණු තොරණ විවෘත කරන්නේ පියතුමන්ලාද?දේශපාලකයන්ද ??

0
360

wen churchපල්ලිවල මංගල්‍යවලට පාරවල් අද්දර හදලා තියෙන තොරණ් දැන් කිතුණු සංස්කෘතියෙත් කොටස් බවට පත්වෙලා.
විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන හැමෝම උත්සාහ කරන්නේ කාටත් දෙවෙනි නොවෙන්න අලංකාරම එක හදන්න.
ලංකාවේ පල්ලිවල මංගල්‍ය තොරණ් ගැන පොදු කථාව එහෙම වෙද්දි වෙන්නප්පුවේ අද දැක්කේ අමුතුම එකක්.
ඔන්න පාර හරහා දැවැන්ත තොරණක් හදලා තියෙනව.
විදුලි බුබුළු තමයි වැඩියෙන්ම යොදාගෙන තිබුනේ.
අද (2016.මැයි 06)හැන්දැවේ ඒ තොරණෙ ලග ටිකක් ලොකු මඩුකුත් ගහල බැනර් එකක් එහෙමත් එල්ලලා තිබුනේ .
පොලිසිය එහෙමත් හිටිය.
ඔන්න බොලේ අර සුදු කපටි  සුට් එක ඇදගත්තු මැති ඇමත්තෝ එහෙමත් අර මඩුවට වඩින්න ගත්තා නොවැ.
පාරේ යන අයට වදිනවා අත වනනවා.හරියට ඡන්දයක් ලංවුණාම වාගේමයි .
අයියෝ අපේ පැත්තේ නම් පල්ලිවල තොරණ් විවෘත කරන්න එන්නේ සුදු ඇදගත්තු සුවාමිලා.
එත් වෙන්නප්පුවේ නම් සුදු ඇදගත්තු අය හිටිය .
ඒත් එයාල ස්වාමිල නම් නෙමේ.
අයියෝ පල්ලියටත් යන කලක්.
පාප්වහන්සේ කොච්චර කිව්වත් සම-හරක් නම් හැදෙන්නෙම නෑ.
සටහන – වර්ණකුලසුරියගේ ජුසේ මාටින් ප්‍රනාන්දු