වෙන්නප්පුවේ ඩෙංගු අවධානම යළිත් 6 වෙනි මරණයත් වාර්ථාවේ.

0
279

Negombo-News වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය තුල පසුගිය මාස 9 ක කාලය සදහා ඩෙංගු මරණ 6 ක් වාර්ථාවේ.

ඩෙංගු මදුරුවාට බිළි වු 6 වැන්නා වුයේ ශා. සේවියර් මාවතේ දරුෙවකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් MOH නිළධාරිතුමිය පවසා සිටිෙය් ඩෙංගු පාලනය කිරිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් මෙහිදි විශේෂයෙන්ම මහජන සහය අංක එක බවත්ය.

විශේෂයෙන්ම ඩෙංගු මුලින්ම පැතිරෙන්නට පටන් ගත් සිරිගම්පල කොළණියට අදාලව ක්‍රියාත්මක කරන්නට යෙදුන ග්‍රාමිය කමිටු වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක විම නිසා දැන් ඩෙංගු පාලනය වි තිබුනද නගරයේ මැද විශේෂයෙන්ම ලොකු ගෙවල් වල වෙසෙන ජනයාගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නැති බවද ඇය පවසා සිටියාය.

එමෙන්ම ඉතාලියේ පදිංචි වි සිටින අයට අයත් මේ නිවෙස් වෙල බොහෝ විට දැන් සිටින්නේ මහළු දෙමව්පියන් හෝ දරුවන්ය. ඇතැම් නිවෙස්වලට ඇතුළු විමටද නොහැකිය. මේ සියළු තත්වයන් වෙන්නප්පුවේ පැතිර යන ඩෙංගු අවධානම් තත්වය පාලනය කිරිමට බාධාවක්ව පවති.

දුමායනය යනු සතියක් පමණ කාලයකට ලබාදිය හැකි පිළිතුරක් වුවද වැසි ඇදහැලුන පසු යළිත් ඩෙංගු මදුරුවන්ගේ බෝවිම ආරම්භ වේ.

මේ නිසා නිරන්තරයෙන්ම නිවෙස් අවට පිරිසිදුව පවත්වාගැනිම එකම විසදුම බව අවධාරණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමිය මේ බරපතල තත්වය සැමගේ අවධානයට ගතයුතුව තිබෙන බවත් මාධ්‍ය විසින්ද මහජනයා දැනුවත් කිරිමට දායක විය යුතු බවද අවධාරණය කළාය.