වෙන්නප්පුවේ මංකොල්ලකෑම් වැඩිවෙයි ?

0
166

thiefසති කීපයක සිට වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ ගෙවල් කොල්ලකැම් සිඝ්‍රයෙන් ඉහල යමින් තිබෙන බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි මෙම කාලය තුල වෙන්නප්පුව පොලිසියේ නිළධාරින් එම කොල්ලකැම් වලට සම්බන්ධ කීප දෙනෙක් අත් අඩංගුවට ගත්තත් එයට වඩා වැඩි වේගයකින් කොල්ලකැම් ඉහල යාම ඉතා භයානක තත්වයකි විශේශයෙන්ම නයිනමඩම සාන්ත අන්තෝනි දෙවස්ථානය අසල නිවසක් මෙන්ම කුමුදුවැලි හෝටලය අසල නිවසක් , නයිනමඩම රුක් අත්තනගහපාරේ නිවසක් මෙන්ම මුට්ටුව ප්‍රදේශයේ නිවසක් කොල්ල කැම් හා කොල්ල කැමට උත්සහ දැරිම යන අවස්ථා තිබු අතර මෙහිදි මෙම කොල්ලකැම් වුවාට පසු පොලිසියේ වගකීම ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බව මෙම ලියුම් කරුගේ අදහසයි මන්ද මෙම කොල්ලකැම් වලක්වා ගැනිමට හැකිනම් එය ඉතා ප්‍රයෝජනවත් වන බව අදහසයි ඉහත දැක්වු කොල්ලකැම් අතර වු පොදු ලක්ෂණයක් ලෙස දැකිය හැකි වනුයේ සියලුම කොල්ලකැම් වි ඇත්තේ යම් දුරකට හුදකලාවු නිවෙස් කීපයක් බවයි අද වන විට උස් තාප්ප උස් ගේට්ටු වලින් නිමවා තිබෙන නිවාස කොල්ලකරුවන්ට රිසි සේ තම කටයුත්ත කරගෙනයාමේ අවස්ථාව උදා කර ඇති බව කිව යුතුමය එමෙන්ම සමාජ සම්බන්ධතා දිනෙන් දිනම අඩු වීමද මෙම කොල්ලකරුවන්ට තවත් වාසියක් වි ඇති එහිදි අල්ලපු නිවසේ ඔපදුප සෙවිම නොකල යුතු නමුත් තමන්ගේ වටපිටාව ගැන තිබෙන අවදානය ගිලිහියාම ගැන නම් ඇත්තටම කණගාටුවට කරුණකි මේ බව ඉතා හොඳින් අධ්‍යනය කරන නවින කොල්ලකාරයා අද වන විට ඉතා පහසුවෙන් තම කාර්‍යය කරගන්නා අකාරයක් දැකිය හැකිය මෙය කියවන ඔබටත් හැකිනම් මේ ගැන යමක් සිතන්න පොලිසිය පමණක් සියලු දේ කල යුතුය යන මානසිකත්වයෙන් මිදි හොඳ ප්‍රජා පොලිස් සම්බන්ධතවක් තුලින් අපට සමාජයට යමක් කල හැකි බව මෙම ලියුම් කරුගේ විශ්වාසයයි, අද ඉහත නිවැසියන්ට වු දේ හෙට ඔබේ නිවසට අත්විය හැක ඒ නිසාම හෙට විය හැකි අනතුරක් වලක්ව ගන්න ඔබට කල හැක්කේ කුමක්ද යන්න මොහොතක් සිතා බලන්න
චන්දන ප්‍රනාන්දු

Like Comment Share