එම ත්රි රෝද සමිතියේ සමාජිකයෙක් ප්රකාශ කලේ තමන් පත් කරපු ආණ්ඩුවේ අයම තමන්ගේ රැකියාව විනාශ කිරිමට ගන්නා මෙවන් කටයුතු යහ පාලනයට විරුද්ධ බවයි තම සමිතිය හා සම්බන්ධ මෙම නැවතුම් පළවල් සඳහා අලුතෙන් රථයක් ඇතුල් කිරිමේදි ඒ සඳහා ක්රමවේදයක් තිබෙන බවත් පවතින හයර් අනුව එය තීරණය කෙරෙන බවත් මෙවන් දේශපාලන අත පෙවීම් තම සමිතියේ ඉන්න සියලුම පක්ෂ වලට අයත් සමාජිකයන් ප්රතික්ෂේප කරන බව ඔවුන් පැවසීය අපේ මේ ගැටළුව තුලින් දේශපාලන වාසි ගන්න උත්සහා කරන්න එපා මොකද ජන්දයක් ඉවර වුන හැම කාලේම මේ වගේ ගැටළු අපිට අවා ඒ නිසා දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව අපිට අපේ රස්සාව බේර ගන්න උදවු කරන්න යනුවෙන් එම සමිති සමාජිකයෙක් පැවසීය
චන්දන ප්රනාන්දු