වෙන්නප්පුවේ රිය අනතුරු සිදුකර පලාගිය රියදුරා සොයාගන්නේ කවදාද?

0
143

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාරවිල පොලිස් වසමට අයත් කටුණේරියේදි හා වෙන්නප්පුවේදි ඉකුත් අගෝස්තු 31 දා එක් අයෙකුට මරු කැඳවා තවත් අයෙකුට බරපතල තුවාල සිදුකර අනතුරු දෙකක් කර පලාගිය මෝටර් රථයේ රියදුරාව අනතුර සිදු වි දින 16 ක් ගතවිත් අත් ඩංගුවට ගැනිමට නොහැකි වි තිබේ. අගෝස්තු 31 දා රාත්‍රියේ සිදු වු මෙම අනතුරින් කටුණේරිය බැන්කඩ හන්දියේ පදිංචි අනන්ද ප්‍රනාන්දු 52 නැමති අය මියගිය අතර වෙන්නප්පුවේ සිදු වු අනතුරින් කසුන් මධුසංක 22 නැමති තරුණයෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි. අනතුරු 2න් පසුව මෝටර් රථයේ රියදුරා රථය වෙන්නප්පුව කොස්ගස් හන්දිය ප්‍රදේශයේ අත හැර දමා ගොස් තිබියදි වෙන්නප්පුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෝටර් රථය රියදුරා විසින් පෙරියමුල්ල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගත් එකක් බවත් රියදුරා හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බව තහවුරු කරගත් බව පරික්ෂණ සිදු කරන පොලිස් නිළධාරියෙක් පැවසිය එම අනතුරින් පසුව අනතුර කල රියදුරා නිවසින්ද පලාගොස් අතුරුදන්ව ඇති බවත් ඔහු සොයා පරික්ෂණ සිදු කරමින් සිටින බව මාරවිල පොලිස් රථවාහන අංශයේ නිළධාරියෙක් පැවසිය. මෙම අනතුරු දෙකෙන් අගතියට පත් පවුල් දෙකේ ඥාතින් අනතුර කර පලාගිය රියදුරාව සති 2 ට අධික කාලයක් ගතවිත් පොලිසිය විසින් අත් අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් කණස්සලට පත් වි සිටින අතර මෙම අපරාධයට සම්බන්ධ රියදුරාව ඉක්මනින් අත් අඩංගුවට ගෙන නීතියේ සාධාරණය ඉෂ්ට කරදෙන ඉහළ නිළධාරින්ගෙන් ඔවුන් ඉල්ලා සිටි .

14358678_1294526890590041_5798663797469755897_n

ජායාරූපය අනතුර කර මගදමා ගිය මෝටර් රථය හා අනතුරට ලකු යතුරුපැදිය

 

චන්දන ප්‍රනාන්දු