වෙන්නප්පුවේ සංවර්ධනයට මිලියන 4ක් ?? අරුන්දික ප්‍රනාන්දු කියයි..

0
105

සැප් 09 වනදා රාත්‍රී 10.30 ට පමණ ආරම්භ වු දෙරණ වාදපිටිය වැඩසටහනට අරුන්දික ප්‍රනාන්දු පා.මන්ත්‍රීවරයා සහභාගී වී සිටියේය. ඔහු රටේ සංවර්ධනය ඔප්පුකිරීමට වෙන්නප්පුව ද උදාහරණයකට ගත් අතර වෙන්නප්පු සංවර්ධනය කිරීම සදහා  මිලියන 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන්කර ඇති බව සදහන් කළේය.
එසේ නම් වෙන්නප්පුව නගර මධ්‍යයේ  ඇති ප්‍රධාන පාරවල් සෑදීමට හැකිවනු ඇත. වසර 15කින් පමණ පිළිසකර කර නැති පාරවල් වැහි කාලයට මත්ස්‍යයින් ඇති කළ හැකි තරම්ය.
මේවා හදන්නට  ප්‍රාදේශිය සභාවට සල්ලි නැතැයි පවසන අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියන ආකාරයට දැන් ඒ මුදල් වලින් නගරයේ ප්‍රධාන ප්‍රශ්නය වන පාරවල් පිළිසකර කර හැක.
මෙම  වාදපිටියේදී  කිසිවෙකු විසින් වත් අරුන්දික ප්‍රනාන්දුගෙන් ලුනූවිල පාලම ගැන හෝ වෙන්නප්පුව බස්නැවතුම්පොළ ගැන කිසිවක් විමසූවේ නැත.
එයට හේතුව වන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ විපක්ෂයේ බහුතරයක් දේශපාලකයන් තමන්ගේ බිස්නස් වැඩ ගැන පමණක් උනන්දුවන අතර සමාජ ප්‍රශ්ණ මහහරිමින් සිටින නිසාය.