වෙන්නප්පුව දේශපාලකයන්ට”වැව” පොඩියට පේන්නේ ඇයි???

0
134

 

වෙන්නප්පුව වැවේ හදපු නීති විරෝධි බැම්ම කඩන්න කියල වෙන්නප්පුවේ ප්‍රාදේශිය ඉජිනේරුවරයා වගේම හලාවත ගොවිජන කොමසාරිස්තුමියත් නියෝග දිල තිබුණා. මෙයට මුලිකම හේතුව තමයි ඒ බැම්ම  වැවට අදාලව ඇති කිසිදු නීතිමය කොන්දේසියක් නොතකා සාදා අවසන් කිරීම.
ඒ හින්ද මේ අවනඩුව මුලින්ම රටට කිව්වේ මීපුර වෙබ් අඩවිය .
ඊට පස්සේ ඒ ප්‍රශ්ණෙට කඩහඩ දෙන්න සිරසේ ප්‍රසාද් පූර්ණිමාල් විශේෂ මහන්සියක් ගත්තා.මේ සියල්ලේ ප්‍රථිපලය හැටියට තමයි ආදාල රාජ්‍ය නිළධාරින් මේ බැම්ම වහාම කඩන්න කියල නියෝග දෙන්නේ.
නමුත් පරිපාලන අධිකාරියේ මේ තීන්දු මැද්දට සුපුරුදු පරිදි දේශපාලන අධිකාරිය කඩන් පැන්න.
ඒ කියන්නේ වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්න මහත්තයා.
එයා වැවට අදාලව හොද වැඩ ටිකක් කෙරුවා තමයි . අපි ඒකට නිසි ගරුත්වය දිලා අගේ කරලා අපේ වෙබ් අඩවියෙත් ලිව්වා.
ඒත් පස්සේ සිද්ධවුනේ වැව රැකිමේ වැඩේට ඒ පැත්තේ බිස්නස්කාරයෝ සෙට් වෙලා ඒකෙන් ගොඩයන්න බලපු එක.
මේකෙදි අපේ කථානායකයා වෙන්ෙන් මේ අනිල් කියන ව්‍යාපාරික මහත්තයා.
ඒයා ඒ කාලේ ඉදන්ම රෙදි බිස්නස් වැඩවල උන්න ව්‍යාපාරික මහතෙක්. ඒ කාලේ එයාට කල්පනා වෙන්නේ නෑ වැව ගෙදර ඉස්සර තිබුනත් මේකෙන් වැඩක් ගන්න ප්ලැනක් ගහන්න ඕනේ කියල..
නමුත් අනිල් මහත්තයාගේ පුත්තු ඉතාලි ගිහින් සල්ලි හම්බකරගෙන ලංකාවේ කරන්න ඕනේ බිස්නස් ගැන කල්පනා කරනකොට ඔන්න එයාලට වැව පේන්න ගන්නවා.
වත්තේ හදන උත්සව ශාලාවේ පරිවාර සේවා සපයන්න මේ නිකන් තියෙන වැව කොහොමද සම්බන්ධ කරගන්ෙන් කියලා මැවිලා  පේන්න ගන්නවා.
පවුලේ ඉන්න අනිත් අයටත් ඒවා හීන බවට පත්වෙනවා.
ඉතාලියේ වෙරෝනාවල ඉදන්  අනිල් මහත්තයේ පුතා අපිට කථා කරල එයාගේ තාත්ත කරල තියෙන වැඩේ හරිම සාධාරණයි කියල කියන කොට එයාෙග් පවුලේ අය මෙහෙ ඉදන් මෙහෙයුමක් දියත් කරන්නේ මේ වැවේ ප්‍රශ්නයට කඩහඩ දුන්න මිපුර වෙබ් අඩවියේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෝ කව්ද කියල හොයාගන්න. දවසක් කාන්තාවක්   අපේ කෙනෙක්ගේ දුරකථනයට කථා කරල අපට කියන්නේ වෙන්නපුවේ කොන්වන්ට් එක පැත්තේ පාරක ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන දාගන්න ඕනේ ඒ හින්ද අපේ වෙන්නප්පුව් ප්‍රාදේශිය වාර්ථාකරු කව්ද කියලා දැනගන්ඩ ඕනා කියලා.
ඔය වගේ කෝල් සිය ගාණක් ආපු අපට පළවෙනි එකෙන්ම තේරුණා මේක පාරක ප්‍රශ්ණයක් නෙමෙයි පාරක් කපාගන්න පොටක් පාදගන්න ගත්තු කෝල් එකක් කියල…
කොහොම හරි ඊට පස්සේ  මේ දුව FB එක හරහා අපට comments දාන්න පටන් ගන්නවා.
දැන් මේ ඔක්කොම අපි ලිව්වේ අපි කථාකරන දෙවෙනි පරම්පරාෙව් ප්‍රාග්ධනයත් ඒ හා බැදුන චින්තනයත් වැඩකරන හැටි මතුකරන්න.
මහරගම පමුණුවට ගිහින් කෑලි රෙදි ගෙනල්ලා තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න වෙහෙස  වුන අනිල් මහත්තාගේ ප්‍රාග්ධනයට වඩා එයාගේ පුතාලාගේ පරම්පාරාවේ ප්‍රාග්ධනය වැඩ කරන විදිය තමයි මේකෙන් පෙන්නේ.
මේක තමයි අපේ වගේ රටවල් වල ඇත්ත.
පැහැදිලිව මේ වැවේ හදල තියෙන බන්ට් එක නිතිවිරෝධියි.
ඒ හින්දනේ ප්‍රාදේශිය ඉජිනේරු සමරසේකර මහත්තයයි ගොවිජන කොමසාරිස් මැණිකේ නෝනයි මේකට විරැද්ධවෙලා හැෙරන තෑපෑලෙන්ම බැම්ම කඩන්න කියල නියෝගයක් දෙන්නේ .
එක දෙන්නේ අනිල් මහත්තයත් එක්ක තියෙන පුද්ගලික තරහකට නෙමෙයිනේ. වැව පිළිබදව තියෙන නිතිය පදනම් වෙලා තමයි එයාල මේ නියෝගය දෙන්නේ.
හැබැයි සිරිත් පරිදි රටේ අනික් තැන්වල වගේම මේ නිලධාරින්ගේ එක්තරා විදියක චණ්ඩි කථාව දැන් මදකට ඇනහිටලා.
එයාලත් බලන්නේ අතරමැද තැනකට ගිහින් මේ ප්‍රශ්නේ ගොඩදාගන්නේ කොහොමද කියල….
ඒ කියන්නේ  අපි කලින් කිව්වා වගේ මේක මැද්දට දේශපාලන අධිකාරිය පැනල අනිල්ගේ ප්‍රාර්ථනාව බේරගන්න දගලනවා.
ඒ වගේම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ගැන විශ්වාස කරලා මේ වැව බේරගන්ඩ හදපු ගොවි සමිතියේ ලේකම්ටත් විරුද්ධව දැන් පෙත්සම් යවන්ඩ මේ අය පටන් අරන්.
අපි දන්න විදිහට ඔවුන් තමයි තමන්ගේ පුරවැසි  යුතුකම මේ වෙලාවේ හරියට ඉටුකළේ.
දැන් අපට තියෙන ගැටළුව තමයි එතතොට කෝ මේ වෙන්නප්පුවේ විපක්ෂය???
ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ජුඩ් මහත්තයා පාර්ලිමෙන්තු මන්ත්‍රි නිරෝෂන් ෙපරේරා පළාත් සභා මන්ත්‍රී  මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි. දැන් මෙයාලා මේ වැව ගැන දන්නේ නැද්ද???
දැන්නවා , හැබැයි තියෙන ගැටළුව තමයි එයාල ඔක්කොම වැවට වඩා අනිල් ව දන්නවා. එහෙමත් නැතිනම් සුසන්තව දන්නවා.  ඒ හින්දම එයාල ඔක්කොම වැවට හෙන ගැහුනත් නොදන්නවා වගේ ඉන්නවා.
මේක තමයි අද විපක්ෂයේ දේශපාලනේ.
නැත්නම් එජාප පාලන කාලේ ප්‍රාදේශිය සභාවේ සභාපති වෙච්ච හෙක්ටර් අප්පුහාමි දැන් ඉන්නේ  පළාත් සභාවේ. මෙ වැව් ගැන දැන් පාළනයන් භාර වෙලා තියනේනේ පළාත් සභාවට.
විපක්ෂ නායක ජුඩ් ට මේ  සේරටම වඩා ලොකු බිස්නස්. මෙහෙම කියන්නේ අපි නෙමෙයි එයාෙග්ම මන්ත්‍රිවරු. කිසිදු ප්‍රාදේශීය ප්‍රශ්නයක් විපක්ෂයේ කණ්ඩායමේ සාකච්ඡාවට ගැනෙන්නේ නෑ කියන එක තමයි මේ සිද්ධවෙන දේවලින් පෙන්නේ.
. නිරෝෂන් කියන්නේ වෙන්නප්පුවේ අයට අනුව පැරිෂුට් දේශපාලකයෙක් නම් වැව පෙන්නේ කොහොමද???
දැන් එතකොට වෙන්නප්පුවේ මාධ්‍යකාරයෝ  කියලා කොටසක් ඉන්නවාද??
ඇත්තටම අද ලංකාෙව් ප්‍රාෙද්ශිය මාධ්‍යකරුවන් කියලා කොටසක් නෑ. ඉන්නේ රිපෝටර්ලා විතරයි. එයාලගෙත් බිස්නස් තමයි අංක එක. නිව්ස් ලියන්න වගේම නොලියන්නත් මෙයාලා  සම්තින්  ගන්නවා.
අනික මෙයාල වැඩි හරියක් ඉන්නේ දේශපාලකයන්ගේ තටු අස්සේ .
එතකොට තමයි ආරක්ෂාව..
ඉතින් මෙයාලට වැව පේන්නේ කොහොමද ඊට වඩා ලොකුවට දේශපාලකයින්ව  පේනකොට…
අපි කියන්නේ බොරුද වෙන්නප්පුවේ මොන ප්‍රාදේශිය මාධ්‍යෙවේදියද මේ වැවේ ප්‍රශ්නය මතුකළේ.
මෙයාලා ගැන හොදටම දන්න අනිල් මහත්තයාගේ පුතා ඉතාලියේ ඉදන් දවසක් අපට කථා කරලා ලොකු  කතා  කිපයකුත්  ඉෂු කරලා,  අපෙන් බුරුලක් නැති බව තේරුම්ගත්තහම එයා දිගටම කියන්න ගත්තේ ඔයාල ගිහින් අපේ තාත්තව හම්බවෙන්නකෝ කියලයි.
එයා හිතන්නේ  ප්‍රාදේශීය සභාව වටේ කැරකෙන  මාධ්‍යවේදීන් වගේ කියලා   අපි.
මේ හින්දම තමයි අද ශක්තිමත් පුරවැසි මාධ්‍ය සංස්කෘතියක්  මේ රටට අවශ්‍ය වෙන්නේ….
politikko-2ඡායාරූප- ෆේස් බුක් වෙබ් අඩවියෙන්  උපුටා ගැණුනි.