වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු මෝඩයෙක්ද..??

0
62

wen-weva-issue-1වෙන්නප්පුව වැවේ අනිල් නැමැති ව්‍යාපාරිකයා විසින් ඉදිකර ඇති නිතිවිරෝධි බැම්ම දෙසතියක් ඇතුලත කඩාදැමිය යුතු යැයි වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු සමරසේකර මහතා නියෝග දුන්නේ 2013.04.17. දිනය.
මේ නියෝගය ඇතුලත් ලිපියක් මාධ්‍ය වෙතද යොමුකර තිබුණි.
එහෙත් මේ නියෝගය ලබාදි දැනට මාස 2 ක්  ගතව තිබේ.
බැම්බ කැඩුනේ නැත.

වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම
වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම

මෙ පිළිබදව අප කළ පසු හෙළිදරව් වලදි අප මතු කර සිටියේ  පරිපාලන අධිකාරිය විසින් දෙන නියෝග ලංකාව වැනි රටවල ක්‍රියාත්මක නොවන්නේ ඒ නියෝග වලට පිටින් දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන නිසා බවය.
වෙන්නප්පුව වැව සම්බන්ධයෙන් ද මෙය ඇත්තක් වන්නේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා අනිල් නැමැති ව්‍යාපාරිකයා රැක ගැනිම සදහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි.
මේ පසුබිම තුල දේශපාලන අධිකාරිය කල්මරමින් සිටි අතරේ වයඹ පලාත් ඉජිනේරු අධ්‍යක්ෂකවරිය පසුගිය දිනක වැව බැලිම සදහා නිරික්ෂණ චාරිකාවකට පැමිණ සදහන් කර ඇත්තේ මෙම ඉදිකිරිමේ කිසිදු නිතිවිරෝධි බවක් තමා නම් නොදකින බවය.
මේ සම්බන්ධයෙන් අප ඇයගෙන් අප විමසා සිටියේ වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු වරයා එසේ නම් මෙය නිතිවිරෝධි යැයි පවසා ඇත්තේ අනිල් නැමැති ව්‍යාපාරිකයා හා ඇති පුද්ගලික අමනාපයක් නිසාද කියාය.
එවිට ඇය කියා සිටියේ සමරසේකර යන ඉජිනේරුවරයා එතරම් අත්දැකිම් නැති තරුණ  අයෙකු බවය.
දැන් අපට අසන්නට ඇත්තේ වයඹ ඉජිනේරු අධ්‍යක්ෂකවරිය කියා සිටිනේනේ ඇගේ ප්‍රාදේශිය ඉජිනේරුවරයා මෝඩයෙක් බවද???
අපගේ අත්දැකිම අනුව වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලයේ සමරසේකර නම් වු මෙම ඉජිනේරුවරයා තම නිතිමය සිමාව යටතේ දේශපාලන අධිකාරියද ඉතා වගකිමෙන් යුතුව ප්‍රශ්ණ කරමින් 2013 .04.17 වන දින ලිපියක් යවමින් මතු කර තිබුනේ මෙම බැම්ම අඩි 5 ක් පමණ වැවේ ජල තලය ආවරණය කරමින්  පැහැදිලි ලෙසින් නිති විරෝධිව ඉදිකර ඇති බවය.මේ නිසා ඔහු ඉල්ලා ඇත්තේ සභාපතිවරයා වගකිය යුතු තනතුරක් දරන්නෙකු ලෙසින් මෙම ප්‍රශ්ණය නිතිප්‍රකාරව විසදාලිමට පියවර ගත යුතු බවය
එහෙත් මෙහි අගක් මුලක් ගැන මෙලෝ මල බෝලයක් නොදන්නා වයඹ ඉජිනේරු  අධ්‍යක්ෂකවරිය වන තල්ගොඩ මහත්මිය සිය ප්‍රාදේශිය ඉජිනේරුවරයාව පාවා දෙමින් දේශපාලන අධිකාරියේ හා ව්‍යාපාරිකයන්ගේ උවමනාව ඉටුකිරිමට මැදිහත්වෙමින් තිබේ.
මේ නිසාම ඇය කියා සිටිනේනේ  මෙම වැව කෘෂිකාර්මික වැවක් නොවන බවය. එසේ නම් අපට අසන්නට වන්නේ මේ වැව ඉතිහාසයේ පටන් තිබි ඇත්තේ දිය බුං ගසන්නටද යනුවෙනි.
පළාත් සභා නිතියට අනුව වෙන්නප්පුව වැව භාරව ඇත්තේ පළාත් ගොවිජන සේවා කාර්යාලයටය.
එහි පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද මෑතකදි  දන්වා යවා ඇත්තේ මෙම බැම්ම නිති විෙරා්ධි බැවින් එය කඩා ඉවත් කිරිමට වහා පියවර ගන්නා බවය.
ඒ අනව අපි දකින්නේ වැව පිළිබදව නිතිමය අයිතිය ඇති අදාල රාජ්‍ය අායතනය මේ වන විටත් ජනාධිපති කාර්යාලය වෙත ඒ පොරොන්දු දි තිබෙන බවය.
එසේ නම් වයඹ ඉජිනේරු අධ්‍යක්ෂිකා තල්ගොඩ මහත්මිය  මේ ඉටුකරන්නට යන්නේ නිතියේ  වැටට උඩින් පැන දේශපාලන අධිකාරියේ ඉල්ලිම  නොෙව්ද?
තමන්ගේ ප්‍රාදේශිය ඉජිනේරුවාගේ මුළු වෘත්තිය ජිවිතයම හැල්ලුවට ලක් කරමින් ඔහු තාමත් ලද බොළද නිසා එසේ කටයුතු කරන්නට ඇතැයි යනුවෙන් කියන්නට වෘත්තිය පරිචයක් සහ වෘත්තිය ආචාර ධර්ම පද්ධතියක් පිළිපදින කිසිවෙකු හටවත් කළ  නොහැක්කකි.
එහෙත් තල්ගොඩ මහත්මිය සිය වෘත්තිය සදාචාරය දැන් මොනවට හෙළි දරව් කර ඇත.
වෙන්නප්පුව  වැව පිළිබද ප්‍රශ්ණය මුලින්ම මාධ්‍යක් ඔස්සේ සමාජ ගත කළ අප මෙි සියළු වර්ධනයන් ගැන අවදියෙන් සිටින්නේ  වැව පිළිබදව නිතිය ක්‍රියාත්මක කරන්නට වෙර දරන පරිපාලන අධිකාරියේ නිළධාරින් සියළු දෙනා කොන්දේසි විරහිතව රැකගත යුතුය යන ස්ථාවරයේ පිහිටාය.