වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම්තුමියට ඔත්තුවක් ?

0
175

beach prk 1නයිනමඩම වැල්ලමංකරය වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ගොඩනැගීමට ප්‍රතිපාදන ලැබි ඇති බව වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් කියා සිටි.
දින 100 වැඩසටහන යටතේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් මෙම වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබි තිබෙන බව වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු සුජීවා ප්‍රනාන්දු මහත්මිය පවසා තිබේ.
මෙම මුදල යොදාගනිමින් ජනතාවට හිතසුව පිනිස විවේකය ගතකළ හැකි පරිද්දෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද උපදෙස් හා මගපෙන්විම මත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන  ප්‍රාදේශිය ලේකම් වරිය වැඩි දුරටත් පැවසුවාය
මෙහිදි සදහන් කළ යුතු එක් වැදගත් කරුණක් වෙයි.
වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව මොනම හේතුවක් නිසාවත් වෙරළ සිමාවේ පිහිනුම් තටාකයක් සදහා අවසර ලබානොදෙන්නේ යැයි සපථකර තිබියදි පිහිණුම් තටාකයක්ද සමගින් ජල උද්‍යානයක් ඉදිකරන්නට බස්නාහිර පලාත් සභාෙව් සංචාරක කටයුතු භාර ඇමතිවරයා විසින් කටයුතු කර තිබේ.
එබැවින් වෙල්ලමංකරේ උද්‍යානය තැනිමේදි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බාධා එල්ලවන්නේ නම් එව් මගහැරගන්නා අන්දම බස්නාහිර පළාත් සභාවේ සංචාරක කටයුතු භාර ඇමතිවරයාගෙන් නොමිලේම උපදෙස් ලබාගත හැක.