
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රජයෙන් ලබාදෙන යතුරු පැදි සදාචාර විරෝධි ලෙස ලබාගෙන ඇති බව මාධ්‍ය වෙත තොරතුරු වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් සිදුවී ඇති ලොකුම විහිලුව වන්නේ ඒ පිළිබදව මෙතෙක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා ද නොදැන සිටීමය. මෙම මන්ත්‍රීවරුන් තිදෙනා සමෘද්ධී නිලධාරීන් ලෙස සේවය කරන අතර මන්ත්‍රී පදවියන් ද දරති.
මේ තනතුරු දෙකටම ලැබෙන යතුරු පැදි මොවුන් ලබාගෙන ඇති අතර එම නිසා එක් මන්ත්‍රීවරයෙකුට දැන් යතුරු පැදි දෙකක් තිබේ. දේශපාලනයට බහුතරයක් පුද්ගලයන් පැමිණෙන් නේ තමන්ට නැති දේවල් සම්භ කර ගැනීමට බව තේරුම් ගැනීමට මෙවැනි උදාහරණ වලින් පසක් වනු ඇත.