වෙන්නප්පුව පොලිසිය ජනපති රුව ඉවත් කරන්න බෑ කියයි.?

1
111

කොළඹ හලාවත පාරේ වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට පිහිටි තාප්පය දිගටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය සහිත බැනර් සහ කට්අවුට් රාශියක් අදත් ප්‍රදර්ශනය වෙමින් තිබිම ගැන අප වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ට්‍රෙවින් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලය ජනවාරි 09 වෙනිදා වන තෙක් පවත්වාගෙන යා හැකි එකක් බවය.
එහිදි පෙරළා අප ඔහුගෙන් විමසා සිටියේ එහෙත් ජනාධිපතිවරයාගේ රූපය සහිත ප්‍රචාරාත්මක බැනර් කට්අවුට් ප්‍රදර්ශනය කිරිම මැතිවරණ නීතියට පටහැනි බවය.එහෙත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකළ ඔහු පෙරළා අපෙන් විමසා සිටියේ එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිටද තිබෙන ඒවා ගැන මොකද කියන්නේ කියාය.
පොලිසියේ වගකීම ඒ සියල්ල ඉවත් කර මැතිවරණ නීතිය පිළිපැදිම බව අපට යළිත් ඔහුට මතක් කර දෙන්නට සිදුවිය.එමෙන්ම මීගමුව තුල නම් පොලිසිය මැදිහත්වි සියළුම මැතිවරණ සැරසිලි සියල්ලම ඉවත් කරමින් තිබෙන බවත් කුරණ පිහිටි මැතිවරණ කාර්යාලයේ පවා ඇති සියළුව බැනර්වල ජනපති රුව පොලිතින් වලින් වසා ඇති අන්දමද ඔහුට දන්වා සිටිමට අපට සිදුවිය.Trevin  office pic 2Trevin office

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here