වෙන්නප්පුව පොලිසිය මැතිවරණ කොමසාරිස්ට බොරු කියලා .?

0
50

mad  policeමැතිවරණ නිතිය අපක්ෂපාතිව ක්‍රියාත්මක කිරිමට වෙන්නප්පුව පොලිසිය අසමත් වි සිටි.
මේ බල හෙළිවන්නේ අප විසින් පුත්තලම් දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැමිණිලි භාරව ක්‍රියාත්මක වන නිළධාරිනියගෙන් කරන ලද විමසිමක් අතරතුරදිය.
මෙහිදි අප විසින් ප්‍රධාන වශයෙන් මතුකර සිටියේ වෙන්නප්පුව පොලිස් බලප්‍රදේශයේ බෝලවත්ත මංසන්ධිය අසල අතහැර දමන ලද උඵ මෝලක් අසල සවිකර ඇති පුත්තලම් දිස්ත්‍රික් එජාප නායක නිරෝෂන් පෙරේරාගේ නීති විරෝධි කට්අවුට් එකක් පිළිබදවය.
මේ පිළිබදව පුත්තලම් දිස්ත්‍රික් මැතිවරණ  කොමසාරිස් කාර්යාලය විසින් වෙන්නප්පුව පොලිසියෙන් විමසා සිටි අවස්ථාවේදි ඔවුන් කියා ඇත්තේ අදාල කට්වුට් එක ඇති ස්ථානයේ කාර්යාලයක් ඇති බවය.
කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිර්ණායක වන්නේ අවමවශයෙන් අඩි 10යි 10 යේ තැනක් විම.එය සුළගට ගසාගෙන නොයෙන ශක්තිමත් එකක් විම එමෙන්ම එහි පුටු සහ ජනතාවක් සිටිම.කෙසේ වෙතත් වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශය තුල ඇති බොහොමයක් කාර්යාල මේ නිර්ණායකයන්ට අනුව නම් කිසිසේත් ගැලපෙන්නේ නැති නීතිවිරෝධි ඒවාය.
කෙසේ වෙතත් වෙන්නප්පුව පොලසිය විසින් මැතිවරණයට අදාල මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දුන් නියෝග පිළිනොපැදිම සම්බන්ධයෙන් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාටද පැමිණිලි කර ඇතැයි වාර්ථා වේ.