වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීමක් ?

0
101
Wennappuwa lake
Wennappuwa lake

වෙන්නප්පුව මහ වැව ලෙස හදුන්වන වැවේ එක් කෙලවරකින් අනවසර  ගොඩකිරීමක් සිදුකර ඇත.
මේ වන තෙක් මේ ගොඩකිරීමට කිසිවෙකුත් විරුද්ධ වී නොමැති අතර  මෙම ඉදිකිරීම සිදුවන්නේ වැවට ඉදිරිපිසින් පදිංචිව සිටින පදිංචිකරුවෙකුගේ  අවශ්‍යතාවය මත බව ප්‍රදේශවාසීන් වාර්තා පවසති.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ  මෙම ගොඩකිරීම කරන්නේ වැවේ බන්ට් එක තැනීම සදහා බවයි.
ඒ සදහා   ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල‍යෙන් මෙම ඉල්ලීම සිදුකළේ  තමා බවත් මෙම  ගොඩකිරීම සදහා පුද්ගලික පදිංචිකරුවන් කීපදෙනෙකු මුදල් වැය කළ බවත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා පවසන ලදී. ඔහු පවසන්නේ වැවේ බන්ට් එක ඉදිකිරීම සහ වැව පිරිසිදුව තබාගැනීමට අවට ප්‍රදේශවාසීන් වියදම් කිරීමට කැමති බවය.

මේ පිළිබදව එම ප්‍රදේශයේ  ඉංජිනේරුවරයෙකුගේ  මතය වූයේ වෙන්නප්පුව වැවේ සීමාව, වැව වටා ඇති මාර්ගය බවයි. ඉතා හොද ශක්තිමත් සීමාවක් ලෙස මෙම වැව වටේ ඇති මාර්ගය වැවට ඇති හොදම බැම්ම බව ප්‍රකාශ කරන ඔහු පැවසූවේ වෙනත් බන්ට් එකක් මේ වැවට නැති බවයි. ඒ අනුව ඔහු පැවසූවේ මෙම ගොඩකිරීම අනවසර ඉදිකිරීමක් මෙන්ම ඉදිරියේ මුදල් ඇති අයට වැවේ අනවසර ඉදිකිරීම් සදහා දී ඇති නරක ආදර්ශයක් බවයි.

Photo By – shehan fernando

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here