වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීම පොදු දේපළක් වෙයිද ?

1
76

වෙන්නප්පුව වැවේ  ඉදිවී ඇති අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය විසින් පවරා ඇති නඩුව ජනවාරි මස 23 වනදා මාරවිල දිසා අධිකරණයේදී පැවැත්වී තිබේ.
මෙහිදී  පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුගෙන් විත්තියේ නීතිඥවරයා  විසින්  හරස් ප්‍රශ්න විමසා ඇති අතර  එහිදී  මෙම ඉදිකිරීම  වැවේ ඉවුරු සෝදාපාලුව වැලැක්වීම වෙනුවෙන්  සෑදු එකක් බවට විත්තිය පාර්ශවයෙන්  මතුකර තිබේ.
ගොවිජනසේවා කොමසාරිස් කාර්යාලය විසින්  මෙම  නඩුව ගොනුකර ඇති අතර ගොවිජනසේවා පනතට අනුව මෙම සිදුවීමට අදාළව විත්තිකරුවාට දියහැකි උපරිම දඩුවම රු 5000ක දඩයක් බැවින් මෙම අනවසර ඉදිකිරීම කඩා ඉවත්කිරීම මෙම නඩුව වසර 05ක් ඉදිරියට ගියත්  අධිකරණයට නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත. එමෙන්ම  මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් එක්වී සාකච්ඡා මාර්ගයෙන් එකගතාවයකට පැමිණීම වැදගත් බවද තවදුරටත් ඔහු විසින්  යෝජනා කර ඇත. මෙම යෝජනාවේදී විනිසුරුවරයා විසින් මතුකර ඇත්තේ  මෙම ඉදිකිරීම සද්බාවයෙන් කළ දෙයක් නම් අදාළ රාජ්‍ය නිලධාරීන්ට එක්ව මෙය වැවේ සුබසිද්ධිය  සම්බන්ධව යොදාගතහැකි  රාජ්‍ය දේපළක් බවට පත්කරගැනීමට  සිදුවනවා නම් වඩා යහපත් බවයි.
නැවතත් වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් නඩුවාරයක් මැයි මාසයේ 15 වනදාට යෙදි තිබේ.
ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම ස්ථානය  වැවේ සෝදාපාලුවට ලක්වන ස්ථානයක් නොවන බවත් එවැනි එසේ සෝදාපාලුවට ලක්වන ස්ථාන පිළිබදව වෙන්නප්පුව ගොවිජන සේවා කාර්යාලය හෝ ප්‍රා.ඉංජිනේරු කාර්යාලය විසින් කිසිදු වාර්තාවක් හෝ  විමර්ශනයක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
එමෙන්ම ගොවි සමිතිය විසින් ද මෙම ඉදිකිරීම කිසිවෙකුගේ ඉල්ලීමක් මත  වැව ආරක්ෂා කර ගැනීම සදහා සිදුකළ ඉදිකිරීමක් නොවන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී. අනිත් පැත්තට ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ මේ තරම් මුදලක් වැයකර පුද්ගලික වියදමින්  වැවක බැම්මක් ඉදිකිරීමට  පුද්ගලයෙකුට ඇති උවමනාව කුමක්ද  යන්නයි.

සම්බන්ධ ලිපි
http://www.meepura.com/page/3/?s=%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%80

wen-lake-1