වෙන්නප්පුව වැවේ අනවසර පිරවුමට නඩු

0
250

WP_0000052013 වසරේදී වෙන්නප්පුව මහ වැවේ එක්තරා ස්ථානයක් නීතියට පටහැනිව පුරවා බැම්මක් බැදීම ඒ අසල පදිංචි අනිල් ප්‍රනාන්දු නමැත්තෙකු විසින් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් මතුවූ කිසිදු විරෝධතාවයක් නොතැකූ  මෙම පුද්ගලයා මෙම බැම්බ කඩා නොදමන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී.
මෙම නීති විරෝධී ක්‍රියාවට වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපතිවරයාගේද අනුමැතිය ලැබීම හේතුවෙන් මෙම ස්ථානය එක් වරක් නොව දෙවරක්ම බොරළු දමා පුරවන ලදී.
මෙම ක්‍රියාව නවත්වා එම බැම්ම  කඩාදමන ලෙස ප්‍රාදේශීය ඉංජිනේරුවරයා මෙන්ම ජනාධිපති ලේකම්තුමාගෙන්ද ලැබුණ නියෝග මෙතෙක් ක්‍රියාත්මක නොවුණි.
ඉන්පසු හලාවත ගොවිජන සේවා කාර්යාලයේ කොමසාරිස්වරිය විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාවට  නීතිමය පියවරක් ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනුකළ අතර  පළමු නඩුවාරයට මෙම පුද්ගලයා නොපැමිණි පසු සිතාසිය ඔහුගේ නිවසේ අලවා ගොස් තිබුණි. නොවැම්බර් මස පැවති නඩුවාරයේදී චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර  ඇත.
මේ සම්බන්ධව මීළග නඩුවාරය පෙබරවාරි මස 21 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතය.