පසුව ලේකම්වරයා විසින් මෙම නියෝගය ක්රියාත්මක කිරීම පිළිබදව ජනාධිපති විමර්ශන ඒකකයෙන් ලිපි එව්වේ නැද්දැයි විමසා ඇත. එවිට ප්රා.සභාපතිවරයා පිළිතුරු දී ඇත්තේ ඒවා මගේ ෆයිල් එකේ ඇති, මට තාම හරියට බලන්නඩ බැරි වුණා යනුවෙනි. මෙම අවස්තාව වනවිට ප්රා. සභාපතිවරයා වෙන්නප්පුවෙන් බැහැරව ‘දැයට කිරුළ’ ප්රද්රර්ශනය සදහා සහභාගී වී සිටි බවද වාර්තා වන අතර එම කාලය තුළදී මෙම බොරළු පිරවීම සිදුකර ඇත.
අපට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව මෙම අවසරය ලබාදී ඇත්තේ වයඹ පළාත් ඉංජිනේරු අධ්යක්ෂකවරිය විසිනි. එහෙත් පසුව අප කරන ලද විමසිම් වලදි දැනගන්නට ලැබුනේ වයඹ පළාත් ඉජිනේරු අධ්යක්ෂකවරියට වෙන්නපුව වැව පිරවිම සම්බන්ධයෙන් අවසරයක් දිමට බලයක් නැති බවයි.