වෙන්නප්පුව සමූපකාරයේ දූෂණ හෙළිකල මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය පියවර සමුප ලොක්කෝ සැරසෙති.

0
525

අද ජුලි 03 උදැසන වෙන්නප්පුව සමූපකාරයට එක් රැස්වුනු මහ සභා සමාජිකයන් යෝජනාවක් සම්මත කර ගත්තලු, සමූපකාර සමස්ත සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් තිබෙන මුදල්වලින් එළඹෙන නිළවරනය ඉලක්ක කරගෙන ජන්ද අල්ලස් ලෙස ලබාදීමට සුදානම් කර ඇති ලක්ෂ 100 ක් පමණ වැයකර මහ සභා සමාජිකයන් 100දෙනෙකු නාස්තිකාර මැලේසියානු සංචාරයකට ගෙනයාම සම්බන්ධයෙන් රටට හෙළිකල මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය පියවර ගන්න. ඒ සඳහා අවශ්‍ය ලක්ෂ 25 ක ප්‍රතිපාදන වෙන්කල බව සමූපකාර අරංචි මාර්ග සඳහන් කලේය. වයඹ සමූපකාර කොමිෂන් සභාවෙන් නිර්දේශ කල සේවකයන්ගේ වැටුප් වැඩි නොකර ඔවුන්ගේ ශ්‍රමය තුට්ටු දෙකට කොල්ල කමින් තම හෙන්චයියලාගේ සුභ සාධනයට පමණක් වෙහෙස වෙමින් ඉහලම බළධාරියෙක්ගේ අනුහසින් වසර 10 ක් පමණ වැඩ බලන තනතුරක් තියාගෙන ඉන්න නිළධාරිණියකගේ අත්තනෝමතික ක්‍රියා කලාපය රටට හෙළිදරවු කිරිම මේ වගේ යෝජනා වලින් නැවැත්විය නොහැකි බවත් අපගේ කටවල් වැසිමට වෙන්කල ලක්ෂ 25 අසරණ සේවකයන්ගේ සුභ සාධනය සඳහා වෙන්කරන ලෙස ඉල්ලා සිටින්නේ තවත් විශාල මුදලක් අපතේ යැවිමට අත් ඔසවපු හා එම යෝජනාවන් ඉදිරිපත් කල හා සම්මත කල මහ සභාවේ බඩගෝස්තරවාදි සමාජිකයන්ට අවදාරණය කරන්නෙමු, සමූපකාරයේ අත්තනෝමතිකත්වය හා දුෂිත ගණුදෙනු විශාල ප්‍රමාණයක සාක්ෂි හා තොරතුරු අප සතුව ඇති බැවින් ඉදිරි කාලයෙත් මේ මහ සභා සමාජිකයන්ට ඉහළ බළධාරින්ට තම හෙළුව වසා ගැනිමට තවත් ලක්ෂ ගණනාවක මුදල් වෙන් කිරිමට සිදුවනු ඇති බව මතක් කරන්නෙමු, මහ සභා සමාජිකයන් ඉදිරියේ සමූපකාරයේ දියුණුව ගැන පාරම්බාපු ඉහළම නිළධාරියෙක් පවසා ඇත්තේ තමන් ගැන හා සමූපකාරය ගැන බොරු ලියන මඩ ගහන අයට හඳුනාගත නොහැකි ලෙඩ සෑදෙන බවයි සමූපකාරය දියුණු කලත් තමන්ගේ මනස දියුණු කරගන්නට තරම් බුද්ධියක් නොමැති මෙවන් නිළධාරින්ගෙන් සමූපකාරයට යහපතක් බලාපොරොත්තු විය හැකිද ? මහජනයා වෙනුවෙන් තෝරාගත් වෙන්නප්පුවේ සැබෑ මහජන නියෝජිතයන්ටද අපි මතක් කරන්නෙමු යහ පාලනය ජප කරමින් බලය ලබාගෙන යහපාලනය විනාශ කරමින් ඉන්න මෙවන් බළධාරින් ඉදිරියේ තම කොඳු නාරටිය බිඳ නොගෙන සමූපකාරයේ සේවකයන් හා සමාජිකත්වය අරක්ෂා කිරිමට පෙරට එන ලෙස ( මෙය සමූපකාර බළධාරින්ගේ කටු ලෙවකන මහජන නියෝජිතයන්ට අදාල නොවේ )

chandana

චන්දන ප්‍රනාන්දු

Save

Save