වෙන්නප්පුව හිටපු ප්‍රා. සභාපති අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමට

0
91

පසුගිය දිනක අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්  ටෙන්ඩර් අක්‍රමිකතාවයක් පිළිබදව සාක්ෂි විමසීම සඳහා වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවේ හිටපු සභපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කීපදෙනෙකු කැඳවා තිබුණි. මෙම වසරේදී  වෙන්නප්පුව ප්‍රා.සභාව විසින් දංකොටුව පොළ සඳහා වාර්ෂික ටෙන්ඩර් දීමේදී සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක් සදහා මෙම කැඳවීම කර තිබූ බව වාර්තා වේ. මේ සඳහා වෙන්නප්පුව ප්‍රා.සභාවේ මූදල් කාරක සභාවේ නියෝජනය කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරයෙකුත් සහභාගී වී ඇත. වාර්තා වන පරිදි  මෙම පොළ ටෙන්ඩරය ලබාදුන් පුද්ගලයා ටෙන්ඩර් කොන්දේසි අනුව ඔහු විසින් තැබිය යුතු ඇප මුදල් ගෙවා නොමැති අතර එම ඇප මුදල වෙන්නප්පුව ප්‍රා.සභාවේ නිලධාරීන් විසින් ප්‍රා.සභාවේ  මුදල් වලින් පියවා තිබෙ.  මෙය ටෙන්ඩර් ගිවිසුම් වලට පටහැනි වන අතර මේ සඳහා වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපතිවරයාගේ පූර්ණ අවසරය ද ලැබී තිබේ. මෙම අක්‍රමිතාවය සුසන්ත පෙරේරා විසින් සිදුකර ඇත්තේ දංකොටුව පොළ ටෙන්ඩරය පුද්ගලයෙකුගෙන් ගලවාගෙන තවත් පුද්ගලයෙකු වෙත ලබාදිම සඳහා බවද ප්‍රෙද්ශවාසීන් පවසති.susantha new