වෙබ් ප්‍රවෘත්ති කලාවේ ආචාරධර්ම නොදන්නා මුදලාලිලාගේ ගොසිප් කෑලි ….

0
339

PHI-diasanayake-ප්‍රවෘත්ති කලාවේ අද දවස මෙන්ම හෙට දවසද දැන් රැදි ඇත්තේ  ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය කලාව තුලය.
තතු එසේව තිබියදි මේ වන විට වෘත්තිය ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය ක්ෂෙත්‍රය  අර්බුදයට යැවිම සදහා කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇත.

මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නොකළ යුතු යැයි නිර්දේශ නිකුත් කර ඇති නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන්ගේ  විඩියෝ පට සමාජ ගත කිරිම සදහා ඇතැම් වෙබ් අඩවි දැනටමත් කටයුතු කර තිබෙන පසුබිමකය.

මින් එක් දෙයක් පැහැදිලි වෙයි.

මුදලාලිලාගේ ප්‍රාග්ධනය  වෙනුවෙන් මෙවන් වෙබ් අඩවි වල වැඩකරන සේවකයන්ගේ  දැනුමේ ප්‍රමාණයයයි.

රටම අර්බුදයකට  යවමින් ඇති කොරෝනා වසංගත තත්වය තුල මාධ්‍ය වාර්කරණය කෙසේ විය යුතුදැයි නිකුත් කර ඇති නිර්දේශ ගැන මේ මාධ්‍ය මුලලාලිලාගේ සේවකයන් කිසිවක් නොදන්නා බව නම් දැන් ඉතා පැහැදිලිය.

පසුගිය දා බණ්ඩාරවෙල ට ගොස් තිබුණ can you hear me ටෙලි නාට්‍යයේ ශිල්පින්ව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු විසින් නිරෝධායනයට ලක්කල යුතු යැයි කියා ඔවුන් නැවති සිටි හෝටලයට ගොස්  කලා ශිල්පිණියන් දෙදෙනෙකු සිටින පුද්ගලික කාමරය තුලදි ඔවුන්ට  උපදෙස් දෙන අයුරු විඩියෝ ගතකර  පසුව එය රජයට හිතවත් පුවත්පතකට අයත් වෙබ් අඩවියක් විසින් පළමුවෙන්ම සමාජ ගත කර තිබුණි.

ඉන් අනතුරුව අවම  මාධ්‍ය සදාචාරය ගැනවත්  කිසිදු තැකිමක් නොකරමින් කටයුතු කරන මුදලාලිකරණය වු ගොසිප් හැල්ලකද මේ විඩියෝ පටය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශයන්ට එරෙහිව යමින් පළකර තිබේ

මෙම සිදුවිම මුලින්ම සමාජ ගත කරන්නට කටයුතු කළ වෙබ් අඩවිය විසින් එයට යොදා තිබුන සිරස්තලයෙන්ම පෙනි යන්නේ ඒවායේ  මාධ්‍ය භාවිතාවේ යථාර්ථයයි

ඒ අනුව බණ්ඩාරවෙළ නිරෝධායන කටයුතු වලට පිරිස් යොමුකරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් නොව ගම්මුන් විසින් බව එකි සිරස්තලය විසින් මතුකර පෙන්වා දි තිබේ.නිරෝධායන රෙගුලාසි ගැනවත් , නිරෝධායන මාධ්‍ය වාර්තාකරණය ගැනවත් මේ අය කිසිවෙක් නොදන්නා බව කියන්නට තවත් අටුවා ටිකා දැන් අවැසි නැත

මුදලාලි පිනවිමට කෑලි ලියන්නන්  විසින් මේ වන විට වෘත්තිය ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය වෘත්තිය මේ අකාරයෙන්  දැවැන්ත අර්බුදයකට යවමින් තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය දිනවල අවස්ථා දෙකකදි නිකුත් කරන්නට යෙදුන නිර්දේශ මාලාවෙන් පසු බොහොමයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය එය අනුගමනය කරමින් ගිලන් රථ පසු පස හඹා යමින් සිදුකරමින් තිබුන මාධ්‍ය වාර්ථා කරණයන් නවතා දමා තිබුණි.
එහෙත් ඒ කුණු රසයටම ඇබ්බැහිව සිටින ඇතැම් ප්‍රාදේශිය වාර්ථාකරුවන්ට තවමත් අවැසිය ඇත්තේ පිඩාවට පත්වුවන් තවත් පිඩනයකට ලක්කර කාලකණ්නි සතුටක් බුක්තිවිදිමේ උවමනාවයි
.බණ්ඩාරවෙල සිටින එවන් මාධ්‍යවේදියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂණ වරයා සමගින් කලාකාරිණියන් සිටින පුද්ගලික කාමරයට ගොස් මේ විඩියෝ කිරිම සිදුකරන ලද බව ඔහු විසින්ම දැනටමත් පිළිගෙන තිබේ.
එපමණක් නොව ඒවා මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේද ඔහු විසින් බවද හෙළිවෙමින් තිබේ.
මේ කරුණ ගැන අප විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවද  දැනටමත් දැනුවත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරයන් ඉදිරියේදි ගන්නා බවද කියා තිබේ.

මේ පිළිබදව වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂ සංගමයේ සභාපතිවරයාද දැනුවත් කිරිමට පියවරගෙන තිබුන අතර එහිදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් මහතා කියා සිටියේ නිරෝධානයේ යෙදෙන අයව විඩියෝ ගත කිරිමට ඉඩ දිමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද ඒ විඩියෝව  පළකිරිමෙන් ආදල වෙබ් අඩවි ද වරදක් කර ඇති බවය.
රජයට හිතවත් පුවත් පතේ වෙබ් අඩවිය විසින් පළකරන ලද විඩියෝව යොදාගනිමින් පුවතක් පළකරන තවත් වෙබ් අඩවියක අදාල සටහනේ තිබුනේ…….. එම විඩියෝව පහතින් නැරඹිය හැකි අතර සෞඛ්‍ය බලධාරින් එහිදි වඩාත් වගකිමෙන් කටයුතුකරන ආකාරය දැකිය හැකි වනවා යනුවෙනුයි

මේ වැකි කිපය තුලින් ඉතා පැහැදිලිවන්නේ මේ සටහන් තබන අයගේ  දැනුමේ ප්‍රමාණයයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්දේශයට අනුව  මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තමන් උපදසේ දෙන අයුරු තවත් අයෙකු ලවා විඩියෝ කිරිමට බැරිවා පමණක් නොව එය මාධ්‍ය වෙතට යැවිමට අවසර නැත.එපමණක් නොව එකි නිර්දේශයට අනුව කිසිදු මාධ්‍යයක එවැනි විඩියෝ පළකිරිමට බැරි බව ගැනවත් නොදන්නා බවවත් ඔවුන් නොදන්නා බව ඉහත මෙම  සටහනින්ම ඔප්පුකර තිබේ.
යකාගේ හැටියට විමානේ යැයි කියමනක්  තිබේ.  මෙසේ සටහන් ලියන අයට  මපෙන්වන අයගේ පැටිකිරිය  මුල සිට අගටම සොයා  බල විට නම් දැන් සියල්ල පැහැදිලිය.

මේ අකාරයෙන් ප්‍රවෘත්ති කලාවේ මුලික ආචාර ධර්ම නොදන්නා මුදලාලිගේ ප්‍රග්ධනයට යටව හැසිෙරන ඇතමුන් හරහා වෙබ් ප්‍රවෘත්ති මාධ්‍ය කලාව පිලිබඳ පිළිකුලක් ජනිත කරමින් සිදුකරන මේ මැදිහත්විම් සැබැවින්ම කිසියම් කුමන්තණයක පෙරනිමිති බව අප විසින් දැනටමත් අනතුරු අගවා තිබේ
එබැවින් පිස්සන්ට හැතැම්ම නැති සේ හැසිරෙන මෙවන් අයගෙන් ප්‍රවෘත්ති වෙබ් මා බේරාගැනිමට ආචාරධාර්මික වෙබ් මාධ්‍ය වෘත්තිය රට තුල ස්ථාපිත කිරිමට උත්සාහ ගනිමින් සිටින සැමගේ වගකිමක්ව තිබේ
එසේ නොවන්නේ නම් ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් මා යනු ඉහත ආකාරයේ විකෘතියක් ලෙසින් ජනතාව දකින්නට පටන් ගන්නවා ඇත.
සැබැවින්ම වෘත්තිය වෙබ් මාධ්‍ය කරුවන් හමුවේ ඇති ඇත්ත අභියෝගය වන්නේද එයයි