වෙබ් මාධ්‍යවේදින් CID යට කැදවයි ! සජිත් පිළ නිහඩයි !

0
103

Screenshot_20191128_130430වෙබ් මාධ්‍යවේදිනි තුෂාර සෙව්වන්ද ප්‍රකාශයක් ලබාගැනිමට යැයි කියමින් අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ..
ඇය මෙසේ කැදවා ඇත්තේ voice tube.lk වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිමටය.

තුෂාර සෙව්වන්දි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ප්‍රධානියා වු රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ලේකම්වරිය ලෙසද කටයුතු කර තිබේ.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පසුගියදා ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබුනේ විපක්ෂ මතධාරින් දඩයම් කිරිම ආරම්භ කර ඇති බවත් ඊළඟ ගොදුර සිය මාධ්‍ය ප්‍රධානි රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැකි බවත්ය.
මේ අතර සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය දැක්වු ද ලිඩර් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සන්නිවේදක ලෙස කටයුතු  කළ සංජය ධනුෂ්ක ව පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය 8 ක් ප්‍රශ්ණ කොට තිබුණි.

සජිත් මගඇරලා

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගෙන් විමසිමක් කිරිමට ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනිමට උත්සාහ කළ ද එය අසාර්ථක වු ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.
කෙසේ වුවද ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසටද සජිත් ප්‍රේමදාසව හමුවිමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇතැයිද මිරර් වෙබ් අඩවිය තවදුරත් කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here