වෙබ් මාධ්‍යවේදීන්ගේ යෝජනාවලට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාර

0
71

pwjaවෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ප්‍රධානීන් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා එහි ලේකම් චරිත හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එම සංගමයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.

එම සංගමයේ ලියාපදිංචිව සිටින දැනට මෙරට අන්තර්ජාල සේවාවන් වලින් පිවිසීමට බාධා සිදුකර ඇති මෙරට සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි වන ශ්‍රී ලංකා මිරර් හා ද ඉන්ඩිපෙන්ඩන්ට් යන වෙබ් අඩවි වලට ඇති බාධා ඉවත් කිරීමට ද එහිදී එකඟවී ඇතැයි පැවසේ.

එසේම වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා සම්බන්ධව පුහුණු පාඨමාලා එම මාධයවේදින්ට අවශ්‍ය වෙනත් පහසුකම්ද සැපයීමට ද එහිදී එකඟ තාවයකට පැමිණ ඇත.

එසේම වෙබ් අඩවි ලියාපදිංචිය කඩිනම් කිරීමටත් එහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ලියාපදංචි වෙබ් අඩවි සම්බන්ධයෙන් විශේෂ සැලැකිල්ලක් දැක්විමටත් එකඟවී ඇත.  ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ඇතුළු වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සහයට අවශ්‍ය කාරණා සම්බන්ධයෙන්ද සොයා බලා කටයුතු කිරීමට ද ආණ්ඩුව එකඟවී ඇත.tසේම මෙරටින් බැහැරව සිට ක්‍රියාත්මක වන ලංකා ඊනිවුස්, ලංකා නිව්ස් වෙබ්, ටැමිල් නෙට්, කල්ම්බු ටෙලිග්‍රාෆ් යන වෙබ් අඩවි ඇතුළුව මේවන විට වාරණයට ලක්ව ඇති සියලු පුවත් වෙබ් අඩවිවල වාරණය ඉවත්කරන්නැයි ද ඉල්ලා ඇත.

මේ අතර, වෙබ් මාධ්‍යවේදින් විසින් ආරක්ෂක අංශ ක්‍රියාකාරකම් නිසා මුහුණුදෙන ගැටලු සම්බන්ධයෙන්ද ආරක්ෂක ප්‍රධානින් සමගද සාකච්ඡාවක් ලබාදීමට එකඟවී ඇත.

From –  www.sinhala.srilankamirror.com