වෙබ් මාධ්‍ය කලාවේ හෙට දවස

0
167

_MG_5763

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්්ගේ සංගමය විසින් පළමු වරට පවත්වනු ලැබූ  සම්මන්ත්‍රණය අද සවස කොළඹ  ICES ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.  ‘ වෙබ් මාධ්‍ය කලාවේ හෙට දවස  ‘  නමින් නම්කර තිබූ මෙම සම්මන්ත්‍රණය ප්‍රධාන දේශන දෙකකින් හා කෙටි අදහස් දැක්වීම් කිහිපයකින් හා  සාකච්ජාවකින් සමන්විත විය.
මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කරනු ලැබූවේ නීතිඥ උපුල් කුමරප්පෙරුම හා නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන්වේ. එයට අමතරව ලංකාවේ ප්‍රධාන වෙබ් මාධ්‍ය ධාරාවේ වෙබ් අඩවි කිහිපයක් වන විකල්ප වෙබ් අඩවියේ  මාධ්‍යවේදී සම්පත් සමරකෝන් . ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ  කතෘ කැලුම් ශිවන්ත . අයිතිය වෙබ් අඩවියේ කතෘ පිලිප් දිසානයක යන මහත්වරුන් ද ලංකාවේ වෙබ් මාධ්‍ය කලාව හා එහි අභියෝග පිළිබඳව කෙටි දෙසුම් ඉදිරිපත් කළහ. ලංකාව තුළ වෙබ් අඩවි හා වෙබ් මාධ්‍යකරුවන් මුහුණ දී ඇති  නිතිමය ගැටලු මෙන්ම මාධ්‍ය සතුවිය යුතු වෘත්තීමය හැකියාවන් හා  ආචාරධර්ම පිළිබදවද විවිධ අදහස්  හා යෝජනා සාකච්ඡාවේදී  වෙබ් මාධ්‍යකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.




ඡායා – රොෂාන් චතුරංග