වෙරළ තීරුවේ ඇති අනවසර ඉදිකිරීම් ලඟදීම ඉවත්කිරීමේ සූදානමක්

0
148

(11.22) මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්  ඉවත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා අවසරය මේ වනවිට ලැබී ඇති බව   මීගමුව වෙරළ සංරක්ෂන හා වෙරළ සම්පත් කළමණාකාරන  දෙපාර්තමේන්තුවේ මීගමුව කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පද්මසිරි මහතා පවසයි.
මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්  ඉවත්කිරීම සදහා සූදානම් වීමේ  ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබදව  විමසීමක් සිදුකළ අවස්ථාවේදී ඔහු විසින් තවදුරටත් කියා සිටියේ දෙහිවල හා අගුලාන ප්‍රදේශ වල ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කළ අවස්තාවේදී ඇතිවූ මහජන විරෝධතා වලින් පසුව  නැවතත් එවැනි ඉවත්කිරීම් සිදුකිරීමේදී පොලිස්  විශේෂ කාර්්‍ය බලකාෙයේ (STF) සහය ලබාගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි. එබැවින් මීගමුව    වෙරළ තීරයේ  ඇති අනවසර  ඉදිකිරීම් ඉවත්කිරීමට පෙර පොලිසියේ ප්‍රධානීන් හට වෙරළ සංරක්ෂණ පනත පිළිබදව දැනුවත්කිරීමේ මූලික සාකච්ඡාවක් ලබන 24 වනදා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා පවසන ලදී. මේ අනුව මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර කරවල වාඩි,හට්,හෝටල් ඉවත්කිරීමට නියමිතය.
sri-lanka-paula-on-the-negombo-beach-photo
මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් මිගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න – මීගමුවේ හිටපු විපක්ෂ නායක

සබැඳි ලිපි

http://www.meepura.com/2017/08/31/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b6%87%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%99%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb/