වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස වෙරළ තීරය ගොඩකිරීම කෙතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධීද?

0
892

 

FB_IMG_1588234902192( 2.00 pm ) ශ්‍රී ලංකාව තුල කිලෝමීටර් 1340 ප්‍රමාණයකට වඩා අධික වෙරළ කලාපයක් ඇත. පහත් වඩදිය මට්ටමේ සිට මුහුද දෙසට කිලෝමීටර 2 ක් සහ ඉහළ වඩදිය මට්ටමේ සිට ගොඩබිමට මීටර් 300 ක් සහ ගඟක් හෝ කලපුවක මුඛය තුළට වන්නට කි.මී. 2 ක් පමණ වපසරියක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බල ප්‍රදේශයට අයත් වෙරළ කලාපය ලෙස සැලකේ. ඉතිහාසය දෙස බලන කල, වෙරළ කලාපය තුළ සිදුවන කිනම් හෝ සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ නම් පාරිසරික තක්සේරු වර්ථාකරණයක අවශ්‍යතාවය තීරණය කිරීමේ අභිමතය වෙරළ සංරක්ෂණ පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇත. වෙරළ සංරක්ෂණ පනතේ අංක 57 යටතේ 1981 දී ශ්‍රී ලංකාවට පාරිසරික බලපෑම් තක්සේරුකරණ නියාමනය හඳුන්වාදීම ඒ සඳහා හේතු සාධක විය. එම කාලවකවානුව පාරිසරික වශයෙන් හිතකර තීන්දු තීරණ ගැනීමේදී මහජන සහභාගීත්වය පිළිබඳ හැඟීමක් වර්ධනය වී නොතිබුණු අවධියක් විය. අවුරුදු හතළිහකට පමණ පසු, රාජ්‍ය නිලධාරියෙකු ලෙස අධ්‍යක්ෂ ජනරාල්තුමා හට මෙම පනත යටතේ මෙතරම් විශාල ප්‍රදේශයක ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සිය පාලනයක් සිදුකිරීමට ලැබෙනු ඇතැයි සිතීම වරදවා වටහා ගැනීමක් වනු ඇත.

නොරොචොලේයි ගල් අඟුරු බලාගාරය මෙන්ම කොළඹ වරාය නගරය අනුමත කිරීම ඇතුළුව මෙම විධිවිධාන අනිසි ලෙස භාවිතා කළ අවස්ථා බොහෝය. 1987 දී හම්බන්තොට කරගන් ලේවාය (හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා විනාශ කරන ලද ඉතා සුන්දර පක්ෂි වාසස්ථානයක් විය) ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා “සිද්ධාලේප මුදලාලි” වෙත ලබා දී ඇති බව පරිසර පදනම විසින් සොයාගන්නා ලදී. නිතීඥ ලලානාත් ද සිල්වා ඇතුළු පිරිස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව අංක 555/87 දරණ නඩුවක් ගොනු කළ අතර, “පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව, අධ්‍යක්ෂ ජනරාල් විසින් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපෘති අනුමත කිරීමක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම එවැනි අනුමැතියක් ලබා දීම සඳහා කුමන ආකාරයේ වාර්තාවක් කැඳවිය යුතුද යන්න තීරණය කිරීම අධ්‍යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදි සිදුවේ. කෙසේ වෙතත්, මෙම අභිමතානුසාරී බලය ක්‍රියාත්මක කළ යුත්තේ කරුණු නිසි ලෙස තක්සේරු කිරීමකින් මිස අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ අභිලාෂයන් මත නොවේ. සිත්ගන්නා කරුණ නම් අධිකරණය එම මතය තහවුරු කිරීමයි.
කළුතර කැලිඩෝ වෙරළට සිදුකරන ලද ව්‍යසනය හිතාමතාම මිනිසා විසින් සිදුකනර ලද වරදක් වේ. දක්ෂිණ අධිවේගී මාර්ගය සැලසුම් කිරීමේදී මා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පී. සී. සේනාරත්නයන්ගේ මතය වූයේ කළු ගඟට ගංවතුර ජලය මුදා හැරීම සඳහා කිලෝමීටර 1.5 කට වඩා වැඩි දුරක් අවශ්‍ය බවයි. එහෙත්, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව අපගේ මතයට ගරු නොකළේ අයවැය සීමාවන් නිසා විය හැකිය. කෙසේනමුත් 2017 වසරේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩංගොඩ ප්‍රදේශයේදී ජලයෙන් යටවිය. මිනිසුන්ගේ වාසස්ථාන උඩු ගං ඉවුරේ යට වනවිට කලු ගඟ සහ මුහුද අතර ඇති ස්වාභාවික වැලි බාධක බිඳ දැමීමට කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට සිදුවිය.

නමුත් මෙම මානව දෝෂය පසු කාලීනව පානීය ජල සැපයුම ඇතුළු කළු ගංගා ජලයට බරපතල ව්‍යසනයන් ඇති කරන ලදී. කළුතර කැලිඩෝ වෙරළ පෝෂණය සැලසුම් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය ද සම්බන් විය. මෙහිදි කිසිදු නව පාරිසරික තක්සේරු බලපෑම් වාර්තාකරණයක් සිදුනොවූ අතර 2015 ට පෙර දේශපාලන ආධාරකරුවෙකු විසින් හෝටල් ඉදිකිරීම හේතුවෙන් අලාභහානි සිදුකරන ලද රූමස්සල වෙරළ තීරයේ වැලිපිරවීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්ථාව මේ සඳහා භාවිතා කරන ලදී. එමෙන්ම රත්මලාන මුහුදු වෙරළෙන් වැලි නිස්සාරණය කිරීමට අනුමැතිය 2014 දී ලබාදී ඇති අතර 2017 දක්වා එය දීර්ඝ කරන ලදී. එම කාලය තුළ කැලිඩෝ වෙරළ ආරක්ෂා කරගැනීම සඳහා මෙම වැලි වලින් යම් ප්‍රමාණයක් භාවිතා කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත. කෙසේනමුත්, මෙම ප්‍රදේශය වෙරළ කලාපයෙන් ඔබ්බට පිහිටා ඇති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සඳහා අධිකාරි බලයක් නොමැත. කෙසේ වෙතත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කර ඇත්තේ අඟුලාන සහ ගල්කිස්ස වෙරළ පෝෂණය මෙම ව්‍යාපෘතියේ කොටසක් වන බවයි.මා විසින් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා සමඟ පරීක්‍ෂා කල අතර මෙම එකතු කිරීම් දෙක පිළිබඳව ඔවුන් නොදන්නා බව තහවුරු කර ලදී. කළුතර කැලිඩෝ වෙරළ පෝෂණය සඳහා වූ ක්‍රියාවලිය 2017 දී ආරම්භ වූ අතර අධ්‍යක්ෂ ජනරාල්තුමා පවසන පරිදි 2020 ජනවාරි මාසයේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙම වීඩියෝ දර්ශණයේ ඔහු විසින් සාවධ්‍ය ප්‍රකාශයක් නොකරන්නේ නම්, මධ්‍යම පරිසර අධිකාරිය ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කිරීම පිළිබඳව නොදැන සිටියේ කෙසේද?

මෙය රු. මිලියන 890 ක ආයෝජනයක් වන අතර එමගින් වැලි ටොන් 800,000 ක් පමණ සාගරයෙන් ඉවත් කිරීමක් සිදුවේ. අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රකීර්ති මහතා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ වරාය නගරය අරමුදලෙන් පවත්වාගෙන යන“වන අරණ පදනම” විසින් කරන කරන ලද ලද වීඩියෝවෙන් පැහැදිලි කරන පරිදි වෙරළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැලි නිධියක් නොමැත. එප්පාවල අධිකරණ තීන්දුවෙන් ඉතා පැහැදිලි වන කරණක් වනුයේ ස්වාභාවික සම්පත් ජනතාව සතුව පවතින දෙයක් බවත් රජය එම සම්පත් වල භාරකරු පමණක් බවත්ය. තවද කැබිනට් තීරණයට පාරිසරික බලපෑම් තක්සේරු වර්තාවක අවශ්‍යතාවය ප්‍රතිස්ථාපනය කළ නොහැකි අතර අතීතයේ එවැනි ක්‍රියාවලියක් සිදුවීත් නොමැත. ව්‍යාපෘතියක් සඳහා පාරිසරික අවසරය ලබා දීම සඳහා විශේෂඥ දැනුමක් අමාත්‍යය මණ්ඩලය සතුව නොමැත. එයට අවසරයක් ලබා දිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් නීති වලට අදාළ විධිවිධානවලට යටත්ව පමණි. මහජන මුදල් මිලියන 890 ක් කිසිදු වලංගු ශක්‍යතා අධ්‍යයනයක් සහ පාරිසරික බලපෑම් තක්සේරුවක් නොමැතිව ඔවුන් එම මුදල් වියදම් කරන්නේ කෙසේද? මුහුද රළුවන ඉදිරි කාලය තුල කොපමණ වැලි ප්‍රතිශතයක් නැවත සාගරයට යනු ඇතිද, එමගින් සිදුවන්නේ කුමන අන්දමේ හානියක්ද යන්න හෝ පිරිවැය සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ධනාත්මක බලපෑමක් ඇතිද හෝ යන වග අප දැන සිටිය යුතුය.

අඟුලාන සහ ගල්කිස්ස යනු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ පෝෂණය කිරීමේ ව්‍යාපෘතියකි. මධ්‍යයම පරිසර අධිකාරියේ අනුමැතියක් ඇතිව මෙන්ම නිසි පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියක් හරහා සිදුකරන ලද මීගමුව වෙරළ පෝෂණය වැනි තවත් මෙවැනි ව්‍යාපෘති සිදුකරන ලද අවස්ථා කිහිපයක්ම අපට දැගකගත හැකි වේ. මේ ආකාරයේ නිසි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරමින් මෙවැනි ව්‍යාපෘති සිදුකරන්නේ කෙසේද? එබැවින්, මෙම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් පැවැත්විය යුතුද නැද්ද යන්න පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරන විට ඔහුගේ කැමැත්ත පිළිබඳ ගැටුමක් පවතින බව පැහැදිලිය.

තවද පලාගල සහ දෙගල්මැද ගල්පර සදහා පාරිසරික බලපෑම් ඇති නොවන බව සඳහන් කරමින් දෙවන හා තුන්වන ගල්පර අතරින් වැලි කියුබික් මීටර් අටලක්ෂයක් නිස්සාරණය කරන බවට අධ්‍යක්ෂ ජනරාල් තර්ක කරන්නේ කෙසේද? ප්‍රසන්න වීරක්කෝඩි පවසන පරිදි මෙමගින් ගල්පර කලපුව පිරවීමෙන් යාබදව පිහිටා ඇති මුහුදු පතුල තව තවත් ගැඹුරු වනු ඇති බවත් එය පිහිනීම සඳහා මෙන්ම කොරල් පරය සඳහාද ඉතා අවදානමක් ඇති කරන බවත්ය.

වෙරළබඩ ආරක්ෂාව සඳහා මෙම ගල්පර කොතරම් වැදගත්දැයි පැවසීමට අවශ්‍යතාවයක් නොමැත. මෙහි ප්‍රතිළුලය වනුයේ ගල්පර විනාශ කිරීමෙන් ස්වාභාවික වෙරළබඩ තීරයද විනාශ මුඛයට ඇඳ වැටීමයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා වැලි නිස්සාරණය කිරීම හේතුවෙන් සිදු වූ දේයට සමාන ලෙසම මෙම ව්‍යාපෘතිය හේතුවෙන්ද මත්ස්‍ය වාසස්ථාන විනාශ කරන බව අමුතුවෙන් කිව යුතු නැත.

තවද මෙම ගල්පර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ සඳහා වාසස්ථානයක් ද සපයයි. එබැවින් වැලි කැණීම පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර මෙම ප්‍රදේශය තුල වැලි ගොඩ දැමීම සුදුසු දෙයක් නොවන බව කිව යුතුය. මෙම තත්වය තුළ, මෙම ප්‍රදේශයේ වැලි කැණීම සඳහා 1992 අංක 33 දරණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පනත සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව අනුමැතිය ලබාගැනීම අවශ්‍යම කරුණකි. කරුණු මෙසේ හෙයින්, නිසි පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදුකර මහජන මතය ලබා ගැනීමෙන් තොරව කිසිදු බලපෑමක් නොමැති බව චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරන්නේ කෙසේද?

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිදු කළ යුතුව තිබුණි. වෙරළ කලාපයට ඇති නෛතික තත්ත්වය සහ ගොඩකිරීම් වලට අනුව, රෝපණ කිරීමක් හා වගා කිරීමක් හැර වෙරළ කලාපයේ ඕනෑම සංවර්ධන කටයුත්තක් සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතුය.

එහිදී වෙරළබඩ කලාපය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට කිසිදු බලයක් නොමැති බව පැවසීම සාවධ්‍ය මතයකි. එමෙන්ම, සංශෝධිත ජාතික පාරිසරික පනත ප්‍රකාරව “පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා, පරිසරයේ ගුණාත්මකභාවය නියාමනය කිරීම, නඩත්තු කිරීම සහ පාලනය කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරීම” සඳහා මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවන ලද බවයි. වෙරළබඩ කලාපය තුළ සිය රෙගුලාසි යටතේ පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක්‍රියාකාරිත්වය කළමනාකරණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩදීම හැරෙන්නට වෙරළ සංරක්ෂණ පනතට හෝ ජාතික පාරිසරික පනතට හෝ පසුකාලීන පනවන ලද සංශෝධන හා නඩු තීරණ වල වෙරළ කලාපය පිළිබඳ මධ්‍යම අධිකාරියට බලතල නොමැති බව කිසිදු ප්‍රකාශයක් හෝ නීරණය කිරීමක් නොමැත.

කෙසේ වෙතත්, විවිධ වූ පාරිසරික ගැටළු මධ්‍යයේ, ගල්කිස්ස වෙරළ තීරයේ පෝෂණය දැඩි පොලිස් ආරක්ෂාව සහිතව අවසන් කර ඇත. COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් මුළු දිවයිනම වසා දමා ඇති අවස්ථාවක මෙවැනි දෑ සිදුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනිවිදභාවයකින් තොර මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බව පැවසිය යුතුය.
හේමන්ත විතානගේ, විධායක අධ්‍යක්ෂ
පරිසර යුක්ති කේන්ද්‍රය