වෙල්ගමලා ඩාර්ලි පාරේ බලය අල්ලයිද?

0
60

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පොහොට්ටුව සමග එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට උත්සාහ කළද ශ්‍රීලනිපයේ පාක්ෂිකයන් දැඩි ගෝඨා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසන බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.මේ වනවිට ඔවුන් පිළිබඳව පාක්ෂිකයන් කලකිරීමෙන් සිටින බව පෙන්වා දෙන වෙල්ගම මහතා පවසන්නේ ඔවුන්ට නායකත්ව දීමට තමා සූදානම් බවද එහි සදහන්ය.

kumara welgamaජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු නොවැම්බර් 17 වැනිදාත් ශ්‍රීලනිප නායකයන් පක්ෂයේ බෝඩ් ලෑල්ල ගෙන ගොස් පොහොට්ටුවට හේත්තු කිරීමට සූදානම් වුවහොත් රටපුරා සිටින ශ්‍රීලනිප පාක්ෂිකයන් සමග එක්ව ඩාලි පාාරේ ශ්‍රීලනිප මූලස්ථානය වැටලීමට තමා සූදානම් බවයි වෙල්ගම මහතා පෙන්වා දි තිබේ.

පළමු මොහොතේ සිටම තමා ගෝඨාභය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ එදා විරුද්ධ වූ ඇතැම් පුද්ගලයන් විවිධ ඩීල් හේතුවෙන් පසුව ගෝඨාභයට පක්ෂ වුවද තමා කිසිවිටෙකත් ඩීල් හමුවේ කොන්ද නවන පුද්ගලයෙකු නොවන බවයි. ගෝඨාවිරෝධී වූවද හංසයාට සහයෝගය දැක්වීමට සූදානම් නොමැති බවත්, ශ්‍රීලනිපය වෙනුවෙන්, ශ්‍රීලනිප පාක්ෂිකයා වෙනුවෙන් තමා ස්වාධීනව කටයුතු කරන බවත් වෙල්ගම මහතා පෙන්වා දෙයි.

ලසන්ත වික්‍රමතුංගට, එක්නැළිගොඩට, කීත් නොයාර්ට සිදු වූ දේ අනුව ජීවිතය සම්බන්ධයෙන් බියක් පවතින නමුත්, ජීවිතයෙන් වන්දි ගෙවා හෝ ශ්‍රීලනිප පාක්ෂිකයා සමග සිටින බව ද කුමාර වෙල්ගම මහතා සඳහන් කරනවා.

මෙතරම් කැපිලි කෙටිලි තිබියදී පවා ශ්‍රීලනිපය සමග සිටිමින් පක්ෂයට ඡන්දය ලබා දුන් ඇල්පිටිය ජනතාවට පක්ෂය වෙනුවන් ස්තුතිය පිරිනමන බව ද ඔහු පවසනවා