වෙසක් සිරියේ කාච සටහන්

0
326
බෞද්ධ මන්දිරයේ වෙසක් සිරි...
බෞද්ධ මන්දිරයේ වෙසක් සිරි…

මීගමුව බෞද්ධ මන්දීරයේ සදාචාර වර්ධන සමිතිය මගින් දෙවන වරටත් 24 වනදා සවස 7.00ට එම ස්ථානයේදී   සාම ජාතකය විදහා දැක්වෙන තොරණ විවෘත කරන ලදී.
ඉන් පසුව බෞද්ධ සමිතියේ තරුණ අංශය විසින්  මංඤොාක්කා දන්සැලක්  සංවිධානය කර තිබුනි.
මෙම දන්සැල විවෘත කිරීම බෞද්ධ මන්දීරයේ සභාපති නීතිඥ ඩබ්.ඒ.එස් විජේසූරිය අතින් සිදුවූ අතර මේ අවස්ථාවය එම සමිතියේ සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටියහ.
මෙම වෙසක් උත්සවය වෙනුවෙන් මීගමුව  බෞද්ධ  මන්දීරයේ ඊයේ දවස පුරා පැවති දහම් කටයුතු පිළිබදව මාධ්‍ය සම්බන්ධීකරණ්‍ය  , කාර්්‍යය සභිකා අයිරාංගනී මහත්මිය විසින් සිදුකරන ලදී.

බෞද්ධ මන්දිරයේ මයියොක්කා දන්සල

බෞද්ධ ආගමික සැදැැහවුතුන්  විසින් මහත් හරසරින් සමරන  වෙසක්  උත්සවය වෙනුවෙන්   24 සහ 25 දිනවල මීගමුව මෙන්ම කටාන  ප්‍රදේශයේද  ආගමික වතාවත් හා විවිධ  දාන මාන සහ සංස්කෘතික අංග එයට එක්ව තිබිණි.
මෙම ප්‍රදේශ වල  දහවල් මෙන්ම රාත්‍රී කාලයේද වීදි විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි වෙන කිසිදාක නැති කලබලයක් පැතිර ගොසින්ය.
ආගම් හෝ ජාතිභෙදයකින් තොරව මෙන්ම විවිධ තරාතිරම් වල අයගේ දායකත්වයෙන් මේ සියළු දැ සංවිධානය වි තිබුණි.

24    වනදා රාත්‍රියේ     අක්කර පනහ හන්දියේ  ආරම්භ වූ බත් දන්සැල විවෘත කිරීමට  විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  මැතිණිය  සහභාග විය.  මෙම දන්සැල  හිටපු ප්‍රා.සභා මන්ත්‍රී ලොරංජන් ක්‍රිසාන්ත ඇතුළු තරුණ පිරිස විසින් සංවිධානය කර තිබුණි.