වෙළද කලාපේ පොකුරු හැදෙන හැටි..!බළධාරින් වගකිව යුතුයි !!

0
73

කොරෝනා පාලනයට අදාලව රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරිම නිසා තත්වය දිනෙන් දින දරුණු අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.
නිදහස් වෙළද කලාප සමාජ ක්‍රියාකාරිණියක වන චන්ද්‍රා දේවනාරායන ඇගේ ෆේස් බුක් පිටුවේ තබා ඇති මේ සටහන නිදහස් වෙළද කලාපය තුල තත්වය ගැන ඇත්තම කථාවට කදිමම නිදසුවකි

කටුනායක ඇවරිවත්තේ සේවය සේවිකාවන් 75පමණ⁣ නේවාසිකව සිටින බෝඩිමක සේවිකාවන් දෙදෙනෙකු මේ වන විට covid පොසිටිව් වී සිටියි.
එහෙත් මේ දක්වා ඔවුන් ප්‍රතිකාර සදහා රෝහලකට හෝ රැදවුම් මධ්‍යස්ථානයකට ගෙනගොස් නොමැති අතර,ඔවුන් පොසිටිව් බව දැනගෙන මේ ගත වන්නේ තුන්වන දිනයයි.


මෙම නේවාසිකාගාරයේ එම පොසිටිව් සේවිකාවන් සේවය කරන ආයතනයේ සේවකයන් හට වෙනම වැසිකිලි සහ ස්නානය සඳහා ස්ථානයක් වෙන් කර ඇති නමුත් එකී කොවිඩ් වැළදුණු සේවිකාවන් දෙදෙනා හට තමාගේ සියලු කටයුතු සිදුකර ගැනීමට වී ඇති තත්වයක් තුළ එසේ වැසිකිලි පමණක් වෙන් කිරීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේද යන්න සැක සහිතය.

මෙම නේවාසිකාගාරයේ විවිධ ආයතනවල සේවය කරන අය මෙන්ම මෑන් පවර් සේවකයන් ද බොහෝ ගනනක් සිටිති.ඔවුන් තවමත් සේවය සඳහා වාර්තා කරමින් සිටී.මෙය සැබැවින්ම තත්ත්වය තවත් උග්‍ර කිරීමට හේතුවක් නොවන්නේද?