වෙළඳ කලාප කම්කරු කතුන් ජගත් කාන්තා දිනය සමරති !

0
180

නිදහස් වෙළද කලාපයේ කම්කරුව කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන සහ වෘත්තිය සමිති එක්ව අදට යෙදෙන ජගත් කාන්තා දිනය වෙනුවෙන් ඊයේ දිනයේ නිදහස් වෙළද කලාපයේ ප්‍රධාන පිවිසුම අසලදි විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඒ කම්කරු කාන්තාවන්ට මුහුණ දිමට සිදුව ඇති මුලික ඉල්ලිම් ගණනාවක් මුල්කරගනිමිනි.
මෙම විරෝධාතාවයට නිදහස් වෙළද කලාපයේ සේවය කරන දමිළ කම්කරු කාන්තාවන්ද එක්ව සිටිම විශේෂත්වයකි.
නිදහස් වෙළද කලාපය තුල ඔවුන් ද්විත්ව පිඩනයකට ලක්ව සිටින අයුරු ගැන ඔවුන් මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියහ