වෙළෙන්දන් මිගමුවේ ලෙල්ලම් වලට පැමිණිමේ අඩුවක් ?

0
36

( 8.00 am ) දැනට කලක පටන් මිගමුවේ  මාළු ලෙල්ලම් වල ව්‍යාපාරිකයන් බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති.එයට හේතුව වි තිබුනේ අලෙවිය සදහා මාළු මිළට ගැනිමට වෙනදා මෙන් වෙළදුන් නොපැමිණෙන හෙයිනි.

පාපැදි වලින් යතුරු පැදිවලින් ගොස් මාළු විකිණිමේ යෙදි සිටින අය පසුගිය දිනවල මිගමුවේ ලෙල්ලම් වලට පැමිණිමේ පැහැදිලි අඩුවක් දැකිය හැකි බවත් මේ තත්වය දිගටම පවතින්නේ නම් දැනටමත් මතුව ඇති ලෙල්ලම් වල අර්බුදය බරපතල විය හැකි බවත් ධිවර ව්‍යාපාරිකයෝ කියා සිටිති

මේ නිසා දිනපතා සිය සැපයුම්කරුවන්ගෙන් ලැබෙන මාළු තොග ඒ දිනයේම අලෙවි කර ගැනිමට නොහැකිවිමෙන් ගැටළු රැසක් මතුව ඇති බව  කියා සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here