වෙළෙන්දෙක් වෙනුවට කලාකරුවෙක් තෝරාගත් පාසැලක්..

0
106

මීගමුව මාරිස්ටෙලා විදුහල අද දින  සිට දින 11 ක් පුරාවට ඒ පාසැලේ දරුවන් හා දෙමව්පියන් හට ගි රසවින්දය ගැන කියා දිම සදහා අරුත්බර වැඩ සටහනක් ආරම්භ කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට ප්‍රකාශයක් කළ එහි විදුහල්පති සහෝදරතුමන් පවසා තිබුනේ ඒ සදහා සුදුසුම තැනැත්තා ලෙසින් ජයතිලක බණ්ඩාර නම් වු කලාකරුවා තමන් විසින් තෝරාගත් බවය.
විදුහල්පති සහෝදරතුමන්ගේ තේරිම පදනම් ව තිබුනේ එකි කලාකරුවා තම කලා භාවිතාව තුල ගි රසවින්දනය දරුවන්ටත් දෙමව්පියන්ටත් කියා දෙන්නට තරම් හැකියාවක් සහ ප්‍රවිනතාවක් ඇත්තේද යන්න පමණි.
ඒ වෙනුවට ඔහු  ගීත ඇල්බම් කියක් කර තිබෙනවාද හෝ රූපවාහිනි චැනල් කියක ඔහුව නිතර දකින්නට පුළුවන්ද හෝ විදුහල්පති පියතුමන්ට අදාල වුයේ නැත.
එමෙන්ම ඔහු දිලිසෙන ඇදුම් අදින්නේද හෝ ගැහැණු ලමුන් සහ ගැහැණුන් ඔහු වේදිකාවේ සිටිද්දි ඔහුගේ අතින් අල්ලන්නට කොයිතරම් දගලන්නේද යන්න හෝ ගරු සහෝදර පියතුමන්ගේ නිර්ණායක අතර නොතිබුණි.
ජයතිලක බණ්ඩාර යනු රජරටින් සංගිතයට පිවිස ගුණදාස කපුගේ කලාකරුවාගේ ඇසුරේ වැඩුන අයෙකි.
කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක අතර වු එකම වෙනස වුයේ ජයතිලක බණ්ඩාර ජනතාව වෙනුවෙන් ගිත ගායනා කරන්නට තෝරාගැනිම විය.කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ජනප්‍රිය කලා භාවිතාව අවසන් වන්නේ අග්‍රණ්ඩුකාර තනතුරකින් පිදුම් ලැබිමත් සමගින්ය.
රසවින්දනය නගා සිටුවිම වෙනුවෙන් මුදල් වැය කරමින් වැඩ සටහන් සම්පාදනය කරන්නට මාරිස්ටෙලා විදුහල කටයුතු සංවිධානය කරද්දි මීගමුවේම තවත් ජනප්‍රිය බාලිකා කිතුණු පාසැලක්  තම  පාසැලට ඇරයුම් කර  සිටින්නේ කලාකරුවෙක් යැයි සිතා වෙළෙන්දෙක් හටය.
ඔහු ගිත විකුණු අතර අදාල බාලිකා පාසැල ඔහු වෙනුවෙන් ටිකට් විකුණා දුනි.
මේ බාලිකා පාසැල සල්ලි පමණක් හම්බ කර ගත් බව  එයට සම්බන්ධ සියල්ලෝම සතුටින් පවසති.
එහෙත් කලාව පිළිබදව ස්ථාවරය සහ ගි රසවින්දනය සම්බන්ධයෙන් වු සිය ස්ථාවරයන් විදුහල්පති කන්‍යාෙසාහොයුරිය සහ ගුරු මඩුල්ල මුළු ලොවටම කියා පෑවේය.