වේග පාලනයක් හා පදික මාරුවක් ඕනෑ කර තිබේ !

0
226

IMG-20160506-WA0002අල්හිලාල් විදුහට ඇතුලත් වීම සදහා මාර්ග දෙකක් ඇත.ඉන් එකක් පාසලේ ප්‍රධාන ගේට්ටුව හරහා ශ්‍රී රාසික් ෆරීඩ් මාවතට වන අතර අනික පාසලේ අනෙක් ගේට්ටුව හරහා ජුම්මා මස්ජිද් මාවතට වේ. මේ මාර්ගයන් දෙක තුලින්ම දෛනිකම පාසල් වේලාවන් හිදී අධික වේගයෙන් යතුරුපැදි,මෝටර්රථ විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා අතර විශේෂයෙන් ශ්‍රී රසික් ෆරීඩ් මාවතේ පාසලට ඇතුළු වීම සදහා පදික මාරුවක් නොමැති වීමෙන් බොහෝ අවස්ථාවන්හිදී මෙම ස්ථානයේ  අනතුරු සිදුවේ.

මීට දින කිහිපයකට පෙර යතුරුපැදි කරුවෙකු විසින් දැරියක අනතුරකට ලක්කිරීමේ සිද්ධියක් මේ අවදානම් තත්වයේ ආසන්නතම උදාහරණය ලෙස වාර්ථා විය.එලෙසම මේ මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදිකරුවන් බොහෝ දෙනෙක් ආරක්ෂක හිස්වැසුම් පලදින්නේද නැත.එද නිසා අනතුරක් සිදුවූ විට එහි තත්වය තවත් බරපතල වේ.

පාසල් ආරම්භ වන අවස්ථාවේදී හා අවසන් වන අවස්ථාවේදී මෙම ස්ථානයට රථවාහන පොලීසියෙන් යොදවන අතර මීගමුවේ අනෙක් පාසල් බොහෝමයකට පිවිසෙන මාර්ග වල ඇති සුදු ඉරි සහිත වේග පාලන බැමි හා පාසලට පිවිසෙන මාර්ග දෙකටම කහ ඉරි නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන බැවින් ඒ සදහා අදාල බලධාරීන්ගේ අවධානය මේ සදහා යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

එම්.එස්.එස්.මුනීර්