වෛද්‍යවරුන්ගේ විරෝධය මැද මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි ?

0
57

3මීගමුව මහ රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ ඇතිවු ජල කාන්දුව හේතුවෙන් අතර දැමුන අතර එයට විකල්පයක් ලෙසින් රැපියල් ලක්ෂ 200 ක වියදමින් අඩුවියදම් ගොඩනැගිල්ලක් රෝහල් භුමිය තුල ඉදිකරන්නට පටන් ගැනුණි.
රෝහලේ කාර්ය මණ්ඩලය හෝ අදාල අනෙකුත් කොටස් අතර නිසි සංවාදයකින් තොරව රෝහලේ එක් වෛද්‍යවරයෙකුගේ උවමනාවට පමණක් ඉදිකෙරුණ මේ ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය ඔක් 12 වෙනිදාට යෙදි ඇත.
මේ උත්සවය සංවිධානය කිරිම පිළිබදව පැවැති රෝහලේ වෛද්‍යවරුන්ගේ විශේෂ රැස්විමකදි වෛද්‍යවරුන්ගෙන් මතුව ආවේ දැනට ඉදිකරඇති රෝහලේ අඩුපාඩුය,
මේ තත්වයන් නිසාවෙන් එහි සේවය සදහා ඔවුන් යා නොහැකි තත්වයක් ඇතැයිද ඔවුන් පවසා ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ රැස්විම අතරතුරේ වෛද්‍යවරුන් මෙම රැස්විමෙන් නැගිට ගොස් ඇතැයිද සැලය.