වෛද්‍ය නජිත් ඉන්දික සහ මාධ්‍යවේදිනී තුශාරා සොයා පොලිස් කන්ඩායම් එයි !

0
116

 කෝවිඩ් වසංගත තත්වය තුළ අසාදිත රෝගීන් මුහුණදෙමින් සිටින අසරණකම පැහැදිලි කරමින් සමාජ ජාලයන්හි සටහනක් පළකර තිබු  රජයේ වෛද්‍යවරයෙක් සහ මාධ්‍යවේදිනියක් සොයා පොලීසිය පසුගිය දින දෙක තුළ පැමිණ තිබේ.   ‘මිනිස්සු මැස්සො වගෙ මැරෙනවා’ යැයි තමන් සේවය කරන රෝහලේ කොරෝනා වාට්ටුවේ තත්ත්වය පිළිබඳව සිය මුහුණු පොතෙහි සටහනක් තැබූ අවිස්සාවේල රෝහලේ වෛද්‍යවරයෙකු වන නජිත් ඉන්දික හමුවට පැමිණි රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු එම සටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.       ඔවුන් පවසා ඇත්තේ රත්නපුර නියෝජ්‍ය පොලිස්පති විසින් දෙන ලද නියෝගයක් උඩ තමන් පැමිණි බවත් වෛද්‍යවරයාගේ මානසික තත්වය සොයා බලා දැනගෙන එන්නැයි තමන්ට උපදෙස් දුන් බවත්ය.      

පුදුමයට කාරණය වන්නේ වෛද්‍යවරයකුගේ මානසික තත්වය සොයා බැලීමට නිකම්ම නිකම් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එවීමයි. මෙය පැහැදිළි අනතුරු හැඟවීමක් බව මාධ්‍ය ක්‍රියාකාරීහු කිහිප දෙනෙක්ම ‘ශ්‍රී ලංකා බ්‍රීෆ්’ වෙත පවසා තිබිණ.

   මේ අතර සමාජ ජාල මාධ්‍යවේදිනියක වන තුශාරා වන්නිආරච්චි සඳහන් කරන්නේ සිය නිවස සෝදිසි කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු පැමිණි බවයි.  

ඇයගේ නිවස පරීක්ෂා කළ එම පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමෙන් සොයාගත් පරණ ලැප්ටොප් සහ දුරකතන, (පෙන්, අයි ෆෝන් ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.   ඇය සඳහන් කරන්නේ  අත්අඩංගුවට ගත් ‘ඊ නිවුස්’ මාධ්‍යවේදී කීර්ති රත්නායක⁣ට අයිති පරිඝනකය සහ දුරකතන ඇය භාරයේ ඇති බවට එම පොලිස් නිලධාරීන් ඇඟවූ බවයි.   තවද අද (17) වන දින උදෑසන 9 ට ප්‍රකාශයක් සටහන් කරගැනීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද ඇය සදහන් කරයි.  

ඇය විසින් සිය මුහුණූ පොතට එක් කර ඇති පහත දැක්වෙන ජායාරූප පෙන්නුම් කරන්නේ පොලිස් නිලධාරීන් ඇයගේ ඇදුම් පැළදුම් යනාදිය සාහසික ලෙස හාරා අවුස්සා එළෙසම දමා ගොස් ඇති අන්දමයි.    

තුෂාරා වන්නිආරච්චිගේ ෆේස්බුක් පිටුවෙන්…තුශාරා වන්නිආරච්චි විසින් සිය ෆේස්බුක් පිටුවේ ඊයේ  තබා ඇති සටහන මෙසේය:       අද දින කොළඹ අපරාධ කොට්ඨාසයේ( CCD ) සිට නිවසට පැමිනෙද්දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ( CID ) නිළධාරීන් මාගේ නිවස ඉදිරිපිට මා එනතෙක් රැඳී සිටියා.

මිත්‍රවරැණි දවසක් මහන්සි වුන ඒ මහන්සියට රජයෙන් වැටුපක් ලැබෙන මේ අහිංසක නිළධාරීන් 4 දෙනෙකු විසින් මාගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරැව සොයාගත් පරණ ලැප්ටොප් සහ දුරකතන, (පෙන් ,අයි ෆෝන් ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියා. 

  අවංකවම කණගාටුයි. අවුට්පුට් එක 0 වන විමර්ශනයකට වන මහන්සිය සහ බදුගෙවන ජනතාවගෙ මුදලින් ගෙවන වැටුපට වන අසාධාරණය ගැන .   තවද හෙට උදෑසන 9 ට මාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.      

  වෛද්‍ය නජිත් ඉන්දික විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.    

පෙරේදා හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ දැම්මෙ ඒ වෙලාවෙ දැනෙමින් තිබුණු හිතේ අමාරුවට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා.    එහෙම ලිව්ව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියල දන්නවනෙ. ඒත් ලොකු අසරණකමක් දැනෙන වෙලාවට අපි ලොකුවට ඵලදායී නෑ කියල දැනගෙන උනත් සමහර දේවල් කරනවා. එහෙම කරන එකේ එකම අරමුණ හිත හදාගන්න එක විතරමයි. ඒකත් එහෙම වැඩක්.

  ඒත් ඒ ලිපිය, දවසක් ඇතුළත, හිතුවෙවත් නැතිවිදියට අසීමිතව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව කල්පනා කරද්දි මට හිතෙන්නෙම මෙහෙමයි.   මේ දවස් වල එක සෞඛ්‍යසේවකයෙක්, තමන්ගෙ දවස ගතකරද්දි සිද්ධවුණු දේවල්, ඒ විදියට අපිළිවෙලට පෙළගස්සල ලියල දැම්මම එච්චර වයිරල් වෙලා යන්නෙ, ඒ කිව්ව තොරතුරු මිනිස්සු නොදන්න නිසා. නැත්තන් ප්‍රශ්නය ඒ මට්ටමේ ඇති කියල නොහිතපු නිසා.    පහුගිය සතියක දෙකක කාලය ඇතුළත කොරෝනා තත්වෙ වඩා මාරාන්තික වෙනසක් ඇතිවෙලා තියෙනබව අතිබහුතරයක් දෙනා දැනගෙන හිටියෙ නැතිනිසා. එහෙම හිතුවම, ඒක මහජනතාවගේ දැනුවත්වීමට බලපෑව නිසා ලිව්ව සටහන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක එක්කෙනෙක්ගෙ හරි ජීව්තයක් බේරාවි. හරි.

දැන් කියන්නම් ඊට පස්සෙ ඊයෙ දවසෙ වෙච්ච කතාව.   ඊයෙ මම පුරුදු විදියටම වාට්ටුවෙ වැඩකරමින් හිටියා. වැල නොකැඩි ලෙඩ්ඩු. එක්කෙනෙක්ට පස්සෙ එක්කෙනෙක් එනවා. එනවා – බලනවා – අමාරුනම් කොහෙන් හරි හොයන් ඔක්සිජන් දානවා – අමාරු නැති යන්න පුලුවන් අය යවනවා. බැරි අය ඇඳක් යටට හරි යවනවා.    

  ඔය අතරෙ වාට්ටුවට කෝල් එකක් ආව. කොහොමත් මේ වාට්ටුවෙ දුරකථනෙට හැමතිස්සෙම කෝල්. කොරෝනා ලෙඩ්ඩුන්ව, අනික් ලෙඩ්ඩු වගේ ඇවිත් බලන්න බැරි නිසා හැමෝම දිගට හරහට වාට්ටුවට ඇමතුම් ගන්නවා.   මේ පාර මිස් කෙනෙක් ආන්සර් කරල, “ඩොක්ට, කෝල් එකක්” කිව්ව. ගිහින් බැලුවම අපේ රෝහලේම “එක්ස්චේන්ජ්” එකෙන්.   “සර්, මේ CID යෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?”   එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාල මෙච්චර මහන්සි වෙන හේතුව හොයල බලන්න.   “මම දැන් ——- වාට්ටුවෙ වැඩ.

ඒ දෙන්න මෙතනට එවන්න. මම කතා කරන්නන්.” එහෙම කියල මම දුරකථනය තිබ්බා.   ආයෙත් ගිහින් අර කවුලුවෙන් අත් ඔබාගෙන, අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.   ඒ කතාව ගියේ මෙහෙමයි.  

“සර්, මේ CID යෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?”   එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාල මෙච්චර මහන්සි වෙන හේතුව හොයල බලන්න.  

“මම දැන් ——- වාට්ටුවෙ වැඩ. ඒ දෙන්න මෙතනට එවන්න. මම කතා කරන්නන්.” එහෙම කියල මම දුරකථනය තිබ්බා.  

ආයෙත් ගිහින් අර කවුලුවෙන් අත් ඔබාගෙන, අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.

  ඒ කතාව ගියේ මෙහෙමයි.  

මම : එන්න. ඔයාල දෙන්නද අර CID එකෙන් කියල කිව්වෙ?  

CID : (සිනාසෙමින්) ඔව් සර්.  

මම : (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්නැතිනෙ ආවෙ?

  CID : (සිනාසෙමින්) ඔව් සර්.

  මම : කොළඹින්ද ආවෙ නැත්තන් මෙහෙද අවිස්සාවෙල්ලෙද?  

CID : මෙහේ සර්.

  මම : (සිනාසෙමින්) දැන් මෙහෙන්ද කිව්වෙ ඒක බලන්න කියල නැත්තන් කොළඹින්ද ආවෙ ඕඩරේ?

  CID : මෙහෙන් නෙමෙයි සර්.  

මම : හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වෙ? ඒ ලියපුව බොරුද කියලද?  

CID : අනේ නෑ සර්. DIG මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටගෙ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල, ඒ ඩොක්ට ආතතියෙන්ද ඉන්නෙ කියලා බලන්න කියලා. (අහිංසක ලෙස සිනාසෙයි)  

මම : (හොඳින් සිනාසෙයි) හරි. ඒක ඉතින් ඔයාල ලියල යවන්න. මම කියන්න ඕනෙ නෑනෙ නේද. ඕව කෙරෙන හැටි අපි දෙන්නම දන්නවනෙ නේ. ඊට අමතරව මොනවත් දැනගන්න තියේද?  

CID : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ. (අවංක මුහුණක්)   මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.

  ඊට පස්සෙ ඔවුන් දෙන්න මට ස්තුති කරල යන්න ගියා.

මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආව ලෙඩ්ඩු පෝළිම බලන්න ගියා. මේ ටික සිද්ධවෙලා ඉවරවෙනකොට හවස 6.40 ට ඇති.  

  ඔය දේවල් ඔක්කොම මැද්දෙ, කොහොමහරි අදත් උදේ වෙද්දි හත් දෙනෙක් ඇස් පියාගෙන තිබුණා!  

(Najith Indika FB)(උපුටා ගැනීම – උපුටා ගැනීම් – srilankabrief.org)