වෛද්‍ය නොසැලකිල්ලක තරම ?රෝගියෙක්ව පණපිටින් මෝචරියට යවන්න හදලා ..??

0
106

මිගමුව රෝහලට අදාල වෛද්‍ය නොසැලකිල්ල පිළිබදව අප කාලයක පටන් වරින් වර බොහෝ පුවත් පළකර තිබේ.
වැරදිමකින් රෝගි කාන්තාවකගේ කකුලක් කැපිම මේ සිදුවිම් අතර පුලුල්ම කථා බහට ලක්වු සිදුවිම් වලින් එකක් විය.

අද තවත් එකකි.
එනම් මිගමුව පිටිපන ප්‍රදේශයේ දියවැඩියාෙවන් පෙළුන රෝගියෙකු අද අලුයම රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබුණි.
රෝහල් කණිෂ්ඨ සේවකයෙකුගේද දැනුම් දිම මත වෛද්‍යවරයා පැමිණ රෝගියාගේ ඇස් දෙස බලා ඔහු මිය ගොස් ඇතැයි නිගමනය කර තිබුණි.

එ නිසාම රෝගියාගේ සිරුර රෙද්දකින්ද වැසිමට කටයුතු කර ඇත
වෛද්‍යවරයාගේ ඒ ප්‍රකාශය ගැන කිසිසේත්ම පිළිනොගත් රෝගියාගේ බිරිද ඇතුළු ඥාාතින් රෝගියා අසලට වි හිස අතගාමින් හඩාවැටෙද්දි දැක තිබුනේ රෝගියාගේ අතක් සෙලවෙන බවය.

ඒ ගැන වහාම වෛද්‍යවරයා දැනුවත් කර තිබුන අතර එතැන් පටන් කඩිනම් ප්‍රතිකාර ඇරඹුන අතර මේ වනවිට රෝගියා මිගමුව රෝහලේ 4 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිදුවු වැරදිම ගැන අදාල වෛද්‍යවරයාද පවුලේ අයගෙන් වැද සමාව අයැද සිටි බවද වාර්ථා විය.සිදුවු එසා බරපතල වරදක් පිළිගැනිමම එවන් වැරදි හදාගැනිමට හැකියාවක් ඇති බවට වු පුර්ව ලක්ෂණයක් සේ අප දකින්නේ අප විසින් මිට ඉහතදි මතුකරන්නට යෙදුන වෛද්‍යමය නොසැලකිල්ලට අදාල බොහොමයක් සිදුවිම් වලදි ඒවා අවම තරමින් නිවරදි කරගැනිම තබා පිළිගැනිමටත් සුදානමක් නොතිබුණ බවය.

රෝහල් බලධාරින් මෙන්ම වෛද්‍යවරුන්ද මෙවැනි සිදුවිම් තුලින් උගත යුතු පාඩම වන්නේ එවන් වෛද්‍යමය නොසැලකිල්ලක් යළිත් නොවිමට කළ යුතු දේවල් ගැන යළි යළිත් සොයා බලා එවන් දැ නොවන තැනට වග බලාගැනිමය.
තවදුරටත් ජිවත්විමට වරම් ලැබු මේ පුද්ගලයා මිගමුව මැදපිටිපන පදිංචි 45 වියැති අයෙකු බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි
මෙවැන පුවත් තමන්ගේ ෆේස් බුක් පිටුවේ ලයික් වැඩිකරගැනිමට හෝ යුටියුබ් චැනලය උඩ දාගැනිම සදහා බොහෝ විට ඇති තතු නොදැන බව නන් දොඩවන ගිරාපෝතකලා කල්පනාවට ගතයුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වරින් වර මතුවෙන මෙවැනි සිදුවිම් ගැන පුළුල් සංවාදයක් මතුකරමින් ඒවා නොවන තැනට කටයුතු කිරිමටය.
එහෙත් අවාසනාව වන්නේ එවැනි විනයක් පරිචයක් නැති බහුතරයක් විසින් සමාජ මාධ්‍ය වේදිකාවන් තුල බඩපිණුම් ගසමින් විකාරක් කරමින් මේවායේ ඇති ප්‍රබල විභවයන් විනාශකරමින් සිටිමය