ශල්‍ය වෛද්‍යවරුන් සොයන අපූරු පරීක්ෂණයක් ජපානයෙන්.. (වීඩියෝ)

0
144

ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ බොහෝ අවස්ථාවන් වලදී ජීවිතයත් මරණයත් අතර සටන් වදින  මිනිස් ජීවිත සමග දිනපතා කටයුතු කරන පුද්ගලයෙක්.ඒ නිසාම ඔහුට හෝ ඇයට සියමු ලෙස ශරීරයේ ඉන්ද්‍රීයන් හා අනෙකුත් දෑ හැසිරවීමට හැකියාව තිබිය යුතුයි. එලෙසම ඉවසීම හා පීඩනයක් යටතේ වැඩ කිරීමට හැකි වීමත් ඒ අතරින් විශේෂයි.

මේ සියළුම හැකියාවන්ගෙන් සපිරි දක්ෂ ශල්‍යවෛදයවරුන් තෝරා ගැනීමේ අපූරු පරීක්ෂණයක් ජපානයේ කුරිෂිකි සෙන්ට්‍රල් රෝහල විසින් පවත්වා තිබුණා. එහිදී එම රෝහලේ සේවය සදහා එක්වීමට බලාපොරොත්තු වූ වෛද්‍ය සිසුසිසුවියන්ට පරීක්ෂණ තුනක් සදහා මුහුණ දෙන්න සිදුවුණා.
පළමු පරීක්ෂණයේදී මිනිත්තු 15ක් ඇතුලත 5mm ප්‍රමාණයේ ඔරිගාමී කොකෙක් නිර්මාණය කිරීමට ඔවුන්ට සිදුවෙනවා. දෙවන පරීක්ෂණය වශයෙන් කොටස් වලටවෙන් කල කුඩා කෘමියෙක් නැවත සෑදීමටත් ඔවුන්ට සිදුවුණා.තෙවන පරීක්ෂණයේදී එක් බත්ඇටයක් පමණක් උපයෝගී කර ගනිමින් සුෂී සෑදීමට ඔවුන්ට පැවරෙනවා. ඒ වගේම මේ සියළුම කාර්‍යයන් නිරීමට ඔවුන්ට යොදා ලන්නට ඇත්තේ ශල්‍ය උපකරණ පමණයි

මේ පරීක්ෂණයෙන් සමත් වන වෛද්‍යවරුන් එම රෝහලේ ශල්‍යවෛද්‍යවරුන් විසින් බදවාගැනීමත් සිදුවන බවයි වාර්ථා වන්නේ.
පහතින් දැක්වෙන්නේ එම පරීක්ෂණයේ වීඩියෝ දර්ශණයි.

 

hospital-test-1-2