ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 ක් අමතර කොටස් නැතිකමින් කොට උඩ !

0
361

මේ දිනවල නිතර දකින්නට ලැබෙන මාධ්‍ය පුවතක් බවට පත්ව ඇත්තේ කොළඹින් ගුවන් ගමන් අරඹා යම් වෙලාවකට පසුව කාර්මික් දෝස හේතුවෙන් ආපසු කටුනායක ගුවන්තොටුපළට පැමිණි බව කියැවෙන පුවත්ය.

මේ අතර දැනට පර්යන්තවල නවතා දමා ඇති ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 සම්බන්ධයෙන්ද එම ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

එහි දැක්වෙන්නේ එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් එම ගුවන්යානා අමතර කොටස් හිඟය නිසා එසේ නවතා දමා ඇති බවය.

ලොව පුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවට එහි තවදුරටත් සඳහන් වෙයි.

මේ වනවිට මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගම සැපයුම්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ එම ගුවන්යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් නිසා නොව අමතර කොටස් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බවය.