ශ්‍රී ලංකා හා ජපාන ක්‍රිකට් සබඳතා තවත් ශක්තිමත් වෙයි.

0
283

 


ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා සමඟ ජපානයේ සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා හා වැඩබලන ලේකම්වරයා, ජපාන ක්‍රිකට් සංගමයේ නිලධාරීන්,එහි  ප්‍රධාන පාර්ශවකරුවන් හා ආධාරක කණ්ඩායම් හමුවී  ඇත. 
එම හමුවීමේදී සම්ප්‍රදායිකව බේස්බෝල් ක්‍රීඩාවෙන් උමතු වූ ජාතියක් වන ජපානය තුල ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ජපාන ක්‍රිකට් සංගමය වෙත සහතික වී ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලයන් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කාරුණික ආගන්තුක සත්කාරය සහ නොමසුරු සහයෝගය ජපාන බලධාරීන්ගේ පැසසුමට ලක්ව ඇත. 

මෙම හමුව සිදුව තිබුනේ Tochigi හි පිහිටි Sano City ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය. 

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා හා වැඩබලන ලේකම්වරයා, ජපාන ක්‍රිකට් ප්‍රවර්ධනය සදහාවූ පාර්ලිමේන්තු ලීගයේ  මහලේකම් Motegi Toshimitsu, පාර්ලිමේන්තු මන්ත්‍රී Kajiyama Hiroshi සහ පාර්ලිමේන්තු මන්ත්‍රී Inoue Shinji සහ  ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරිම සදහා ජපන් ක්‍රිකට් සංගමය විසින් පත්කර ඇති සන්නාම තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුමද යන ප්‍රභූන්ද හමුවීම විශේෂත්වයකි.