ශ්‍රිලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට ඇති තර්ජන ගැන එක්සත් ජාතින්ගේ අවධානයට ..

0
65

ශ්‍රි ලංකාව පිළිබදව ඇමරිකාව ඇතුළු රටවල් 5 ක් විසින් ගෙන ඒමට නියමිත යෝජනාව පිළිබදව විශේෂ සාකච්ජාවක් දෙවන වරටද ඊයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලයේ අංක 8 දරන ශාලාවේදි පැවැත්විණි.
මෙහිදි යෝජනාවේ අන්තර්ගතය පිළිබදව උණුසුම් වාද විවාද විවිධ රටවල් නියෝජිතයන් විසින් සිදුකරන්නට යෙදුණි.
ශ්‍රිලංකාව වෙනුවෙන් වැඩියෙන්ම පෙනි සිටියේ රුසියාව පාකිස්තානය චිනය සහ ඊජිප්පතුවයි.
මෙම සැසියේදි විශේෂ අවස්ථාවක් සිවිල් සංවිධාන වෙතද වෙන් කෙරුණ අතර එහි මුල්ම අදහස් දැක්විම සිදුකරන ලද්දේ ඉමඩාර් ජාත්‍යන්තර ආයතනයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු විසිනි.
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්ව කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයේ මාධ්‍ය විසින් සිදුකරගෙන යනු ලබන පදනම් විරහිත චෝදනා පිළිබදව ඇය විසින් එහිදි අවධානයට ලක් කර  තිබුණි.
එමෙන්ම සංහිදියාව සදහා දැනට ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක LLRC වාර්ථාව සදහා සිවිල් සංවිධාන රජයට සහය පළකළද පවතින යථාර්ථය තුල විදේශිය යාන්ත්‍රණයක අවශ්‍යතාවය ගැන අද අත්‍යවශ්‍යව ඇති බවට ඇය විසින් අවධාරණය කළාය.
ඡායා- සුනන්ද දේශප්‍රියun pic

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here