ශ්‍රීලංකාවේ මාර්ස් චොකලට් තොග නැවත කැදවයි..

0
478

4867

ලෝක ප්‍රසිද්ධ චොකලට් නිශ්පාදන සමාගමක් වන ” මාර්ස් ” සමාගම විසින් ඔවුන් නිශ්පාදනය කර ලෝකය පුරා බෙදා හැරි චොකලට් නැවතත් ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ එම සමාගම විසින්ම නිපදවන ” ස්නීකර්ස් ” නම් චොක්ලට් එකක රතු පැහැති ප්ලාස්ටික් කැබැල්ලක් ඇති බවට ජර්මන් ජාතික පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙන්. පැමිණිල්ලෙන් පසු මාර්ස් සමාගම විසින් එම ප්ලාස්ටික් කැබැල්ල තම ආයතනය වෙත ගෙන්වාගෙන පරික්ෂා කිරීමේදී හෙලි වී ඇත්තේ චොක්ලට් නිශ්පාදනයේදී යොදාන්නා ආරක්ෂිත ආවරණයක වූ ප්ලාස්ටික් කැබැල්ලක් බවයි.

ඒ අනුව මාර්ස් සමාගම ඒ කාණ්ඩයේ වන සියළුම චොකලට් නැවතත් ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ චොකලට් වර්ග අතරට මාර්ස්,ස්නීකර්ස්,මිල්කි වේ,සෙලිබ්‍රේෂන්ස්, මිනි මික්ස් අයත් වන බවයි වාර්ථා වන්නේ. සමාගමේ මෙම තීරණය නිසා ඔවුන්ට ඩොලර් මිලියන 10කට අධික පාඩුවක් වෙතැයි සැලකෙන අතර සමාගම පවසන්නේ තවත් චොකලට් වල මේ ආකාරයෙන් ප්ලාස්ටික් කැබලි අන්තර්ගතවිය හැකි බැවින් එය තම සමාගමේ ප්‍රමිතියට නොගැලපෙන නිසා මේ තීරණය ගත් බවයි.

ඒ අනුව රටවල් 55කට අපනයනය කරල ලද චොක්ලට් තොග නැවත කැදවීමට තීරණය වී ඇති අතර යුරෝපීය රටවල් බොහෝමයක් මෙන්ම වියට්නාමය හා ශ්‍රීලංකාවත් එම ලැයිතුවට ඇතුලත්.

https://www.theguardian.com ඇසුරිනි