ශ්‍රීලනිප තීන්දුව නාමයෝජනාවලින් පසුවට: විශේෂ මාධ්‍ය හමුව කල්දමයි!

0
109

SLFP-2ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනුලබන තීන්දුව නාමයෝජනා වලින් පසුව ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වාර්ථාවේ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) රාත්‍රී තීරණය කර තිබු අතර, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා තිබිණ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක  රැස්වීම ඊයේ (05) පස්වරුවේ ආරම්භවූ අතර එය නිමාවට පත්වුයේ රාත්‍රී 10.30ට පමණය.
අද දිනයේ තමන්ට වාසිදායක තීන්දුවක් ප්‍රකාශයට පත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් යුතුව අද (06) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මාධ්‍ය හමුව ‘දෙරණ’ හා ‘හිරු’ නාලිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට ද ගෝඨාබය රාජපක්ෂගේ සන්නිවේදන ඒකකය කටයුතු යොදා තිබිණ.
මෙම මාධ්‍ය හමුව පවත්වෙන්නේදැයි theleader.lk ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී පැවසුයේ, එම මාධ්‍ය හමුව කල්දමා ඇති බවයි.
ගෝඨාබය රාජපක්ෂයේ නාමයෝජනා සම්බන්ධයෙන් හෙට දිනයේ මතුවිය හැකි විරෝධතා ද සැලකිල්ලට ගෙන ශ්‍රීලනිපයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම වඩාත් කලොචිත්බව ජනාධිපති උපදේශකයින්ගේ මතය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here