ශ්‍රී ලංකාවේ දොස්තරලා යනු ජනාධිපතිටත් වඩා අවශ්‍යතා ඇති වරප්‍රසාද අවැසි විශේෂ පිරිසක්ද ?

0
79

doctorශ්‍රී ලංකාවේ දොස්තරලා යනු ජනාධිපතිටත් වඩා අවශ්‍යතා ඇති වරප්‍රසාද අවැසි විශේෂ පිරිසකි..
එබැවින් වන්දනා කරමු.
ගිරාන ග්‍රන්ථ කිරියංච – පරිශීලේන සාගරං
නළාය දීඝ උරේකත්වා – වචනේන මධුරං සුඛං
කුළේසු අග්ග බ්‍රාහ්මණෝ – චැනලේන විපුලං ඵලං
යේ සත්ත මහා කර්තව්‍ය – වෛද්‍යාචාර නමෝ නමං
රචනංච පෙත්ත පැණියං – ඖෂධේන සමාගමෝ
බලේන යේන විදේසන්තු – ත්‍යාග ලාභෝ මහත් ඵලං
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං – පෞද්ගලිකංච වාරණං
තං පුග්ගලික රෝගශාලා – මහප්ඵල මාහම් සුඛං
මහාය ටෝක දේසයන්තු – අහං ජනතා වාදිතං
දාරක අග්ග පාඨශාලා – නදේත වැඩ වජ්ජනං
මුඛාසන්න මැක්ක යන්තෝ – සබ්බතේ වැඩ වජ්ජනං
බලේන යේන දීප භූතං – වෛද්‍යාචාර නමෝ නමං…..
(දමිත් කේතක)
ඔය කෑගහන දොස්තරලා, කිසිකලෙක අක්කරෙයිපත්තුව, වාකරේ, කැබිතිගොල්ලෑව, මහවිලච්චිය, මංගලඑළිය, බාගුරේ වැනි ප්‍රෙද්ශවල පවතින ග්‍රාමීය රෝහල් වල වෛද්‍යවරුන් විදින දුක ගැන කතාකරනවා මා දැක නැත.
රෝහල් වල ඖෂධ හිගය වෙනුවෙන් වැඩවරනවා මා දැක නැත.
දැක ඇත්තේ පර්මිට් එක කැන්සල් කළ විට, වැටුප් වැඩි නොකළ විට කෑගහන ‘ගොමා‘ සංවිධානය පමණි!
දොස්තරලාගේ දරුවන් පමණක් නොව, දෙවුන්දර අප්පුහාමිගේ පුතාත්, කන්කසන්තුරේ තුරෙයිසිංහම්ගේ පුතාත් රාජකීය විදුහලට යා යුතුය. එබැවින් දොස්තරලාට කොළඹ සුපිරි පාසල් වන රාජකීය, ආනන්ද, නාලන්ද, විසාකා, දේවි බාලිකා වැනි පාසල් වලට ‘නිල‘ බලයෙන් ඔබන්නට ගියහොත් එය පට්ට අසාධාරණයකි.
එසේ නම් ඉංජිනේරුවන්ටත් එම අවස්ථාව දිය යුතුය. මක්නිසාද ඔවුන්ද එවැනිම සුපිරි මොළ නිසා ය. එසේ නම් වරලත් ගණකාධිකාරීවරුන්ගේ සිට සියලු රජයේ සේවකයන්ට මේ අවස්ථාව ලබාදිය යුතුය.
ආරක්ෂක සේවා වල අයවලුන් හට මෙම වරප්‍රසාදය ලබාදී ඇත්තේ මානුෂික හේතුන් මතය. එම කෝටා එක පවා දැන් අඩුකර ඇත්තේ රට තුළ යුද්ධයක් නැති නිසාය.
මෙම පාසල් මාෆියාවට එරෙහිව ඇමතිවරයා දැඩිපියවර ගත යුතුය.

මනෝරාමගේ පිටුවෙන් …