ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාමේ මීගමුවේ දසුන් ශානක බේරා ගනී.

0
366

මේ දිනවල ටෙස්ට්, එක්දින හා 20/20 සංචාරයක් සදහා ශ්‍රීලංකා කණ්ඩායම එංගලන්තයට ගොස් තිබෙනවා. එම තරගාවලියේ ටෙස්ට් තරග එළබෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ වීමට නියමිත අතර මේ දිනවල පුහුණු තැග පැවැත්වෙමින් පවතිනවා. පසුගියදා නිමා වූ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවැති තුන්දින තරගයේදීත් ශ්‍රීලංකා කණ්ඩායමට තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ බවයි පෙනුණේ. ඒ ලකුණු 245කට සියල්ලන්ම දැවී යාමෙන් ඔප්පු වුණා.

asun

ඉන්පසුව ආරම්භ වුණු Leicestershire ප්‍රාන්ත කණ්ඩායම සමග තරගයේදීත් කණ්ඩායමේ සුපුරුදු කඩා වැටීම දක්නට ලැබුණා. ඒ ලකුනු 101/2 සිට 192/8 බවට පත්වීමෙන්. නමුත් පසුව රංගන හේරත් සමග එක්වූ මීගමුවේ දසුන් ශානක ලකුණු 122ක සම්බන්චායක් ගොඩනගමින් නොදැවී ලකුණු 91 ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 318ක යම්කිසි ස්ථාවර තත්වයකට රැගෙන ඒමට සමත් වුණා. ඒ සදහා ඔහුට වැය වුනේ පන්දු 115ක්පමණයි. ඔහුගේ ලකුණු 91කට 4 පහර 9ක් හා 6 පහර 3ක් ඇතුලත් වුණා. ඒ වගේම අද දිනයේදී ඔහු තමන්ගේ 4වන පළමු පෙල ශතකය ලබා ගැනීමේ අරමුණින් පිතිකරණය සදහා පිටියට පිවිසීමට නියමිතයි._89690077_dasunshanaka

 

මිතිලායා ගමගේ