ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට

0
186

3859

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 13 දෙනෙකු රැගත් තවත් බෝට්ටුවක්  ඉන්දීය සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් කුඩා දිවයිනක් වන කොකෝස් දිවයිනට ඔබ්බෙන්වූ මුහුදේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට තිබේ.

පසුගිය මාස 18ක කාලය තුල ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාව බලා ගිය 13 වන යාත්‍රාව මෙයය.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා බෝට්ටු මගින් පැමිණෙන සංක්‍රමණිකයින් නැවතත් ඔවුන් පැමිණි රටටම මුහුදු සීමාවේදී හරවා යැවෙන අතර ඔස්ට්‍රේලියානු භූමියකට ඇතුළුවන සංක්‍රමණිකයින් පැපුවා නිව්ගිනියාව, නාවුරු යන දූපත්වල පිහිටි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here